දළ පූට්ටුවා මැරුවාද? මැරුණාද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 30, 2017

දළ පූට්ටුවා මැරුවාද? මැරුණාද?

පසුගියදා අත්අඩංගුවට ගැනුණ සුවිශේෂී ඇත් දළ දෙකක් වයඹ උරුමය ලෙස ප්‍රකටව සිටි "ගල්ගමුව දළ පූට්ටුවා”ගේ බවට සැක කළ වනජීවි නිලධාරීහු එම ඇත්දළ හිමි ඇතා සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කළ අතර උගේ මළසිරුර ඊයේ (29) පස්වරුවේ හේරත්ගම අඩවි වන නිලධාරි කලාපයට අයත් හොරොව්වැව ඉස්මත්තෙක තිබී සොයා ගනු ලැබීය.

උස අඩි 12යි. වයස 56ක් පමණ වන මෙම දළ ඇතා මියයන්නට ආසන්න කාලයේ එක ඇසක් සම්පූර්ණයෙන්ම නොපෙනුණ අතර අනෙක් ඇසේ ද පෙනීම දූර්වලව තිබිණි. මෙගාරගෙනාල්ලාගම, නිකවැව ප්‍රදේශයේදී පසුගිය විසිදෙවැනි දින මෙම ඇතාගේ ඇත් දළ සොයාගෙන තිබුණි. පෙරේදා (28) දින නිකවැව, තිබීමෙබදුටුවාව ප්‍රදේශයේ ඉඩමක් ද ඩොප්සර් කරමින් සැකකටයුතු ස්ථාන තුනක කැනීම් ද කරමින් මෙම ඇතා සෙවූ නිලධාරීන්ට ඊයේ මොරගොල්ලාගම ග්‍රාමසේවා වසමට අයත් හොරොව්වැව ඉස්මත්තේ කැලෑව සෝදිසි කිරීමේදී මළ සිරුර සොයා ගැනීමට හැකිව තිබේ.

හේරත්ගම වනසත්ව නියාමක අසේල වික්‍රමරත්න මහතා ඇතුළු තම කණඩායමට දළ පූට්ටුවාගේ මළ සිරුර හඳුනාගෙන තිබුණි. මේ දළ ඇතා මියගොස් ඇත්තේ මීට සති තුනකට පමණ පෙර බව ද ඇතාට වෙඩි තබා මරා දැමුවේ ද ස්වාභාවිකව සිදුවූ මරණයක් ද යන්න අද (30) පවත්වන පශ්වාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය කරගත හැකි වනු ඇතැයි පැවසේ. අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඇත් දළ දෙක "ගල්ගමුවේ දළ පූට්ටුවා” බවට තහවුරුවී තිබේ. ඇතාගේ දියවී ගිය සිරුර මේ වනවිට දැඩි පොලිස් ආරක්ෂාව යටතේ පවතී.



No comments:

Post a Comment

Post Bottom Ad