ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ද විපක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්ව තරග කිරීම සදහා වන සාකච්චා තීරණාත්මක ලෙස බිද වැටීමකට ලක්ව ඇති බව වාර්තා වෙයි.
ඒකාබද්ද විපක්ෂය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දන්වා ඇත්තේ තව දුරටත් සාකච්චා පැවැත්වීමට අවශ්‍ය වන්නේ නම් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වීමේ තීරණය ගන්නා ලෙසයි. නමුත් එක්සත් ජාතික පක්ෂය සමග පවත්වාගෙන යන හවුල් ආණ්ඩුවෙන් ඉවත් වීම සදහා කිසිසෙත්ම ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සූදානමක් නැති බව එම පක්ෂ තොරතුරු වාර්තා කරයි.
මේ තත්වය මත නැවත වතාවක් දෙපාර්ශවය අතර සාකච්චා නොපැවැත්විය හැකි බවද වාර්තා වෙයි. ඒකාබද්ද විපක්ෂය මේ වන විටත් සියළු දිස්ත්‍රික්කයන්හි තරග වැදීම සදහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ලෙස ඇප මුදල් තැන්පත් කරමින් සිටිති. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද තීරණාත්මක ලෙස කියා සිටියේ එක්සත් ජාතික ඵක්‍ෂ ආණ්ඩුවෙන් ඉවත් නොව තාක් ඒකාබද්ද විපක්ෂය ශ්‍රිලනිපය හා හවුලේ තරග නොකරන බවත් මේ වන විටත් පොහොට්ටුව ලකුණින් තරග කිරීම සදහා සියළුෑ කයෙුතු සූදානම් කර ඇති බවත්ය.
කෙසේ වෙතත් පක්ෂයක් ලෙස අවසන් තීරණය ජනාධිපතිවරයා මේ දිනවල යෙදී සිටින කොරියානු සංචාරය නිමවා පැමිණි පසු සාකච්චා කර දන්වන බව සාකච්චා සදහා පත් කර ඇති ශ්‍රීලනිප කමිටුව ඒකාබද්ද විපක්ෂ නියෝජිතයන්ට දන්වා ඇත.
Wednesday, November 29, 2017
Home
දේශපාලන පුවත්
මළත් එජාපය අතහරින්න ශ්රීලනිපය බෑමයි කියයි.. ඒකාබද්ද-ශ්‍රීලනිප සාකච්චා බිද වැටේ…
මළත් එජාපය අතහරින්න ශ්රීලනිපය බෑමයි කියයි.. ඒකාබද්ද-ශ්‍රීලනිප සාකච්චා බිද වැටේ…
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment