තිස්වසරක කෝටිපති ලෝක ජලහොරෙක් අත්අඩංගුවේ.. මුදාහරින්නැයි පබ‍්‍රල දේශපාලන බලපෑම්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 16, 2017

තිස්වසරක කෝටිපති ලෝක ජලහොරෙක් අත්අඩංගුවේ.. මුදාහරින්නැයි පබ‍්‍රල දේශපාලන බලපෑම්..

තිස් වසරක පමණ කාලයක් තිස්සේ වැල්ලවත්තේ උත්සව ශාලාවකට ජලය නීති විරෝධී ආකාරයෙන් ලබා ගත් එහි හිමිකරු වන කෝටිපති ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත්තේ යයි ජාතික ජලාපවාහන හා ජලසම්පාදන මණ්ඩලය සදහන් කරයි.

ආසන්න වශයෙන් මෙහි දඩු මුදල රුපියල් තිස් ලක්‍ෂයක් පමණ වනු ඇති බවත් මණ්ඩලය පවසයි. ජල මනුවට පිටින් සවි කරන ලද තිස් වසරක් පමණ නලයක් මගින් මෙසේ ජලය නීති විරෝදී ලෙස ලබා ගෙන ඇත. අත්අඩංගුවේ සිටින සැකකරැ මුදා හරින්නැයි කොළඹ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රබල දේශපාලඥයින් දෙදෙනෙකු දැඩි බලපෑමක් කරමින් සිටින බවද වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad