තරග පාවාදීම් පිටුපස ක‍්‍රිකට් ආයතනයේ ඉහළ ලොක්කන්..අයි.සී.සී.යේ දුෂණ නිලධාරීන් හොර රහසේ ලංකාවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 15, 2017

තරග පාවාදීම් පිටුපස ක‍්‍රිකට් ආයතනයේ ඉහළ ලොක්කන්..අයි.සී.සී.යේ දුෂණ නිලධාරීන් හොර රහසේ ලංකාවට

තරග පාවාදීම් පිළිබදව සොයා බැලිම සදහා ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් පත් කර ඇති විශේෂ දූෂණ මර්දන ඒකකයෙ නිලධාරීන් කිහිප දෙනෙකු නැවතත් ශ‍්‍රී ලංකාවට පැමිණ ඇති බවට වාර්තා වෙයි.

එම ඒකකයේ නිළදාරීන් පසුගිය මාසයේදී ද ශ‍්‍රී ලංකාවට පැමිණ පරීක්ෂණ සිදු කළ අතර එම පරීක්ෂණ වර්තා එළි දැක්වීමට පෙර දෙවැනි වතාවටත් ඔවුන් ශ‍්‍රි ලංකාවට පැමිණීම පිළිබද ක්ෂේත‍්‍රයේ බොහෝ දෙනා විමතිය පළ කර සිටිති. ඉතා රහසිගතව ශ‍්‍රී ලංකාවට පැමිණ ඇති එම නිළධාරීන් මෙවර තමන්ගේ පැමිණීම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට හෝ දැනුම් දී නොමැති බවටද වාර්තා වෙයි. 

පසුගිය කාලයේ වාර්තා වු තරග පාවාදීම් සම්බන්ධ සිදුවීම් පිටුපස ක‍්‍රීකට් ආයතනයේ ඉහළ පෙළේ පුද්ගලයන්ද සිටින බවට සැක මතුවීම නිසා එලෙස ක‍්‍රිකට් ආයතනය දැනුව් කිරීමකින් තොරව ශ‍්‍රී ලංකාවට පැමිණීමට ඔවුන් වග බලාගෙන තිබේ. මේ සම්බන්ධව ක‍්‍රිකට් ආයතනයේ ඉහළ බළධාරීයකුගෙන් කළ විමසීමකදී ඔහු සදහන කර සිටියේ දූෂණ මර්දන ඒකකයෙ නිලධාරීන් ශ‍්‍රී ලංකාවට පැමිණි සිටින බවට ආරංචි වන නමුත් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය දැනුවත් කර නොමැති බවයි.

ජාත්‍යන්තර ක‍්‍රිකට කවුන්සිලය එලෙස කටයුතු කර ඇත්තේ එම පරීක්ෂණවල රහස්‍යභාවය ආරක්ෂා කර ගැනීම සදහා විය හැකි බවද, නම් සදහන් කිරීමට අකමැති වු එම බලධාරීයා වැඩිදුරටත් පැවසීය. දූෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන් ක‍්‍රීඩකයන්ගේ වත්කම් සම්බන්ධයෙන්ද පරීක්ෂණ පැවැත්වීමට නියමිතබව අනාවරණය වන අතර තේරීම් කමිටුවේ ඇතැම් සාමජිකයන් සහ ක‍්‍රිකට් ආයතනයේ ඉහළ නිළධාරීන් සම්බන්ධවද ඔවුන්ගේ අවධානය යොමු වී තිබෙන බව වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad