මීතොටමුල්ල කුණු කන්ද ආශ්‍රිතව පසුගියදා හටගත් ගින්නට හේතුව මීතෙන් වායුව ඉහළ යාම බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් නිහාල් රූපසිංහ මහතා ප්‍රකාශ කළේ, සිදුකළ පරික්ෂණවලදී ඒ බව තහවුරු වූ බව ය.
කෙසේ වෙතත්, කුණු කන්ද සම්බන්ධයෙන් දෛනිකව මධ්‍යම ඉන්ජිනේරු කාර්යාංශය මගින් පරික්ෂා කිරිම් සිදුකරන බව ද ඔහු ප්‍රකාශ කළේය. මීතොටමුල්ල කුණු කන්ද ස්ථාවර කිරිමේ කටයුතු ඉදිරි මාස තුළ ආරම්භ කරන බව ද ලේකම්වරයා සඳහන් කළේය.
ඔහු පැවසුවේ ලෝක බැංකු ආධාර යටතේ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව ය. මේ වන විට ජාත්‍යන්තර විද්‍යාඥයින්ගේ උපදෙස් මත ඒ, පිළිබඳ සැලසුම් සකස් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.
No comments:
Post a Comment