සෞදි රාජ්‍යයේ ගෘහ සේවය සඳහා පිටත්ව ගිය ශ්‍රී ලාංකික මවක් , බරපතල ලෙස තුවාල ලබා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණි පුවතක් වාර්තා වෙනවා.
ගලේවෙල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි එක්දරු මවක් මෙම භයානක අත්දැකීමට මුහුණ දී තිබෙන අතර ඇය 2016 වසරේ සැප්තැම්බර් මස කුරුණෑගල විදේශ රැකියා නියෝජිත ආයතනයක මැදිහත්වීමෙන් ව්‍යාජ ලෙස ලිපි ලේඛන සකසා මෙලෙස සෞදි රාජ්‍යයේ ගෘහ සේවය සඳහා පිටත්ව ගොස් තිබේ.
තමන් මුහුණ දුන් අත්දැකීම පිළිබදව මාධ්‍යයට අදහස් දක්වන ඇය පවසා තිබුනේ,
තමාව සෞදියේ දමාම් ප්‍රදේශයේ නිවෙසක ගෘහ සේවය සඳහා යෙදවූ බවත් මාස තුනක පමණ කාලයක් එම නිවෙසෙහි සේවය සඳහා වැටුප් ලබාදුන් බවත්ය. පසුව දිගින් දිගටම ආහාර, ඇඳුම් පැලඳුම්, වැටුප් සියල්ල අත්හිටුවා දැඩි ලෙස වධ දෙන්නට පටන්ගත් බවද ඈ හඬමින් මාධ්‍යයට පැවසුවා.
මේ වනවිට ඇයගේ සිරුරේ සහ අත්පාවල කැපුම් තුවාල ඇති අතර ඇස්වල බරපතළ තුවාල ඇත. එමෙන්ම කොන්දේ සහ කකුල්වල බරපතළ තුවාල පවතින අතර ඇයගේ දත් පවා කඩා ඇති බව සදහන්. නිසියාකාරව ඇවිද ගැනීමටවත් නොහැකිව ගත වාරු නොමැති ඇය දැන් රෝහල් ගතව සිටි.
තමන් අත්දුටු සිද්ධිය පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මාධ්‍යයට මෙලෙස සිදුවීම විස්තර කළා,
"මගේ දුව ඉස්කෝලෙ යන්න කලින් ගේ හදාගන්න ඕන නිසා අවුරුදු දෙකකට රට යන්න තමයි මම තීරණය කළේ. මට අම්මත් මහත්තයාත් රට යන්න එපා කිව්වා. ඒත් අපි හිටපු ආර්ථික දුෂ්කරතාව නිසා දුවගේ අධ්‍යාපනය ගැන හිතලා තමයි මම සෞදියට යන්න තීරණය කළේ. ඒ අනුව අපේ ගමේ මාමා කෙනෙක් හිටියා. එයා හරහා සෞදි යන්න කුරුණෑගල පැත්තේ ඒජන්සියකින් තමයි මම රට යන්න සූදානම් වුණේ. මගේ දුවට අවුරුදු හතරක් නිසා රුපියල් විසිපන්දාහක් අරගෙන ඒ මහත්තුරු හොර ලියවිලි ඔක්කොම හැදුවා. ඒ කුරුණෑගල ඒජන්සියෙන්."
"ඒ ගිහිල්ලා මාස දෙකක් විතර යනකන් ප්‍රශ්නයක් ඇති වුණේ නෑ. මාස දෙකෙන් පස්සෙ පඩි ඉල්ලන කොට තමයි මට ගහන්න පටන් ගත්තේ. ඒ ගෙදර හිටපු මැඩම් හරිම වසයි. අහුවෙච්ච අහුවෙච්ච එකෙන් ගහනවා. පිහිය අරගෙන මගේ ඇඟ හැමතැනම කපනවා. මගේ නියපොතු ඇඟිලි තළලා තියෙන්නේ. යකඩ හැඳිවලින් ඔළුවට ගහලා ඔළුව හැමතැනම තුවාලයි. පිටකොන්ද, කලව, අත් පය මේ ඔක්කොම ගහලා ගහලා කපලා තියෙන්නෙ. එක දවසක් මගේ එක ඇසක් එළියට එන්න ගැහුවා. බෙහෙත් ටිකක් දාන්න ගියේ නැහැ. ඒ වගේම කන්න දෙන්නෑ.
කුණු බාල්දියේ තියෙන ඒවා තමයි කන්නේ. මාව කාමරයකට දාලා වහලා තියෙනවා කන්න බොන්න නැතිව. හයියෙන් කෑ ගහනකොට බිම දාලා බඩ පාගනවා. ගෙදර මහත්තයාත් නෝනත් දෙන්නම හොඳට ගහනවා. ඒ ගෙදර මම එන්න කලින් තවත් ලංකාවෙ කෙනෙක් ඉඳලා තියෙනවා. එයාව අරන් ගිහිල්ලා කොහේ දැම්මාද, කොහෙද කියලා නෑ. මරනවා කියල තමයි කිව්වේ."
"ගෙදරට කතා කරන්න ඕන කිව්වහම පිහියක් ළඟ තියාගෙන අම්මට දුරකතනය අරන් දෙනවා හොඳින් ඉන්නවා කියලා කියන්න කියනවා. කෑවා බිව්වා කියලා කියන්න කියනවා. පිහිය පිටි පස්සෙන් තියාගෙන ඉන්න හින්ද මට අම්මලාට ඇත්ත කියන්න විදියක් නෑ. හැබැයි පස්සෙ අම්මලත් එක්කවත් මට කතා කරන්න දුන්නේ නෑ. අම්මා මේ භාෂාව දන්න හින්දා මැඩම් එක්ක කතා කරනවා. මට කතා කරන්න දෙන්නෙ නැතිවට අම්මට සැක හිතිලා මට මොනවා හරි කරදරයක් කියලා. ඊට පස්සේ තමයි ඒජන්සියට කියලා විදේශ නියුක්ති කාර්යාංශය හරහා තානාපති කාර්යාලය දැනුවත් කරලා මට එන්න හැකියාව ලැබුණේ.
ටිකට් හදලා තියෙන්නේ මගේ සල්ලිවලට. අඩුම තරමේ රුපියලක්වත් දුන්නේ නෑ. ඇඳගෙන හිටපු ඇඳුම් ගලවලා කළුපාට කබායක් ඇඟට දාලා මාව ගුවන් තොටුපොළට ගෙනත් දැම්මා. සෙරෙප්පු දෙකක්වත් නැතිව. එතැන හිටපු ලංකාවේ අක්කා කෙනෙක් දැකලා මට එයාගේ බෑග් එකෙන් සායකුයි හැට්ටයකුයි දුන්නා. තවත් අක්කා කෙනෙක් සෙරෙප්පු දෙකක් දුන්නා. ඒවා ඇඳගෙන තමයි මම ලංකාවට ආවේ."
කාන්තාව ව්‍යාජ ලියකියවිලි සකසා ගෘහ සේවයට යැවූ කුරුණෑගල රැකියා නියෝජිත ආයතනයේ ප්‍රධානියා මේ පිළිබදව මාධ්‍යයට පවසා තිබුනේ "ලිපිගොනු නොබලා කිසිවක් ප්‍රකාශ කළ නොහැකි" බවය.
Monday, November 20, 2017
Home
ආරක්ෂක පුවත්
" ගෙදර මැඩම් පිහිය අරන් මගේ ඇඟ කැපුවා , දත් කැඩුවා , කන්න නොදි බිම දාලා පාගනවා " සවුදි ගිය තවත් ශ්‍රී ලංකා මවක් අපා දුක් විද මවුබිමට - හොර ලේඛන හැදූ ඒජන්සි ලොක්කා තවමත් සුවෙන් .!
" ගෙදර මැඩම් පිහිය අරන් මගේ ඇඟ කැපුවා , දත් කැඩුවා , කන්න නොදි බිම දාලා පාගනවා " සවුදි ගිය තවත් ශ්‍රී ලංකා මවක් අපා දුක් විද මවුබිමට - හොර ලේඛන හැදූ ඒජන්සි ලොක්කා තවමත් සුවෙන් .!
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment