මම පොත් ලියන්න දන්නේ නෑ – එහෙන් මෙහෙන් පොඩ්ඩක් කියෙව්වා – ඒ පොතේ ඉන්නේ මම දන්න මෛත්‍රීපාල සිරිසේනම තමයි – ජනාධිපති තාත්තා ගැන නාමල් කියන කතාව මෙන්න (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 24, 2017

මම පොත් ලියන්න දන්නේ නෑ – එහෙන් මෙහෙන් පොඩ්ඩක් කියෙව්වා – ඒ පොතේ ඉන්නේ මම දන්න මෛත්‍රීපාල සිරිසේනම තමයි – ජනාධිපති තාත්තා ගැන නාමල් කියන කතාව මෙන්න (VIDEO)

චතුරිකා සිරිසේන මහත්මිය විසින් රචනා කර එලිදක්වන ලද ‘ජනාධිපති තාත්තා’ කෘතිය තමන් විසින් මිලදී ගෙන කියවූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි නාමල් රාජපක්‍ෂ මහතා පවසයි. එම කෘතියේ ඇත්තේ තමන්ද දන්නා මෛත‍්‍රිපාල සිරිසේන මහතා ගැනම බවත් සදහන් කරන මන්ත‍්‍රීවරයා කෘතිය වෙනුවෙන් හොද උත්සාහයක් දරා ඇති බවත සදහන් කරයි.

දෙරණ රූපවාහිනියේ මොකද වුනේ වැඩසටහනට සහභාගී වෙමින් මන්ත‍්‍රිවරයා මෙම අදහස් පල කලේය. ‘හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගැන පොතක් ලියන්නට අදහසක් නැද්දැයි’ මාධ්‍යවේදියා විසින් විමසූ විට මන්ත‍්‍රිවරයා කියා සිටියේ තමනට පොත් ලිවීමේ හැකියාවක් නැති බවයි. කෙසේ වෙතත් ‘අද’ පුවත්පතට නාමල් රාජපක්‍ෂ මන්ත‍්‍රීවරයා විසින් සතිපතා ‘කුරහන් සුවද’ නම් ලිපි මාලාවක් සම්පාදනය කරන අතර ඔහුගේ ඉහත ප‍්‍රකාශයත් සමග එය යම් ගැටීමක් ඇතැයි පෙනේ.

No comments:

Post a Comment

Post Bottom Ad