පුංචි ඡන්දෙදි කවුරු දින්නත් සභාව පිහිටුවන්නේ ජනාධිපති කැමති කණ්ඩායමයි..-ශ‍්‍රිලනිපය කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 8, 2017

පුංචි ඡන්දෙදි කවුරු දින්නත් සභාව පිහිටුවන්නේ ජනාධිපති කැමති කණ්ඩායමයි..-ශ‍්‍රිලනිපය කියයි..

ඉදිරි පළාත් පාලන මැතිවණයේදී කුමන පක්‍ෂයක් ජයග‍්‍රහණය කලද එහි පාලන බලය පිහිටුවන්නේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ කැමැත්ත මත බව ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ රත්නපුරයේ පැවති  ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ක‍්‍රියාකාරී හමුවක් අමතමිනි. ජෝන් සෙනෙවිරත්න, නිමල් සිරිපාලද සිල්වා යන ඇමතිවරුන්ද එම හමුව සදහා සහභාගී වී සිටියහ.මේ අතර ආණ්ඩුවේ ඇමතිවරයෙක් විසින් මෙහෙයවනු ලබන පුවත්පතක්ද වාර්තා කර ඇත්තේ නව පළාත් පාලන පනත අනුව ජනාධිපතිවරයාගේ කැමැත්තෙන් තොරව පළාත් පාලන ආයතනයක බලය පිහිටුවීමට කිසිම කණ්ඩායමකට හැකි නොවනු ඇති බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad