ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකදී දෙමල ජාතික සන්ධානයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස මහ නායක ස්වාමීන් වහන්සේ කෙනෙකු එනු ඇති බවට අද සිදුවන සිදුවීම් දෙස බැලීමේදී සිතෙන බව රාවණ බලය සංවිධානයේ සභාපති පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පවසති.
දෙමල ජාතික සන්ධානය දරන මතයම දරන මහානායක හිමිවරැන් සිටීම නිසා මම සාධාරණ සැකය ඇතිවී තිබෙන බවද උන් වහන්සේ කියා සිටියහ. පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පසුගියදා මල්වතු විහාරයට ගිය විට සත පහකට ගණන් නොගත් මල්වතු මහනාහිමියන් ගාමිණි වියන්ගොඩලා පසුදා පැමිණි විට පිලිගත්තේ නෑදෑයන් පැමිණි ආකාරයට බවද උන් වහන්සේ සදහන් කලහ.
මල්වතු නාහිමියන්ගේ ප්‍රකාශයත් සමග රට පුරා වැඩ සිටින එම නිකායේ භික්ෂුන් වහන්සේලා දැඩි අපහසුතාවයට හා ආර්බුදයට පත්ව සිටින බවද සද්ධාතිස්ස හිමියෝ වැඩිදුරටත් කියා සිටියහ.
Sunday, October 8, 2017
මල්වතු මහනාහිමියන් දෙමල සන්ධානයේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment