ප්රහාරයට සම්බන්ධ සැකකරු ලාස් වේගාස්හි පදිංචිකරුවෙකු වන 64 හැවිරිදි ස්ටෙෆන් පැඩොක් නමැත්තෙකු බවට අනාවරණය වී ඇති අතර ඔහුට සහය වීම සඳහා මාර්ලෝ ඩැන්ලී නමැති ආසියානු කාන්තාවක ද එම ස්ථානයට පැමිණ ඇතැයි කියැවේ.
ලාස් වේගාස් පොලීසිය පවසන්නේ, වෙඩික්කරු ප්රසංග භූමිය ආසන්නයේ පිහිටි මැන්ඩලේ බීච් හෝටලයේ 32 වන මහලේ සඳළු තලයේ සිට මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව ය. ඒ වන විට ප්රසංග භූමියේ රැඳී සිටි පිරිස 22,000කට අධිකය. ප්රහාරයෙන් අනතුරුව පොලීසිය සැකකරු සිටි හෝටල් කාමරය වැටලූ අවස්ථාවේ ඔහු සියදිවි හානි කරගෙන තිබේ. තමා ලාස් වේගාස්හි සංචාරය කිරීමට නියමිත බව ද ජනපති ට්රම්ප් මේ ගැන ප්රකාශ කළේය.
සිද්ධිය සිදුවූ අවස්ථාවේ වීඩියෝවක් පහතින්...
No comments:
Post a Comment