රුපියල් ලක්ෂ 355ක අල්ලසක් දීම සහ ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ඇවන්ට්ගාඩ් මැරෙන් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ විශ්රාමික මේජර් ජෙනරාල් පාලිත ප්රනාන්දු යන විත්තිකරුවන් ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද (03) නියම කළහ.
අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ චෝදනා පත්ර භාර දීමෙන් පසුව එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප මත මුදා හැරිමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා නියෝග කළේය. එමෙන්ම විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබා ගෙන වාර්ථාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා මෙන්ද මහාධිකරණ විනිසුරුවරයා පොලිසියට නියම කලේය.
අද දිනයේදී මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ චෝදනා පත්ර විත්තිකරුවන් වෙත බාර දුන් අතර ඉන්පසු රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම නඩුව දින 5කින් පමණ විභාග කර අවසන් කිරීමට තමන් අපේක්ෂා කරන බවය. එම නිසා ඒ සඳහා ආසන්නම දිනයක් ලබා දෙන මෙන් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

No comments:
Post a Comment