එංගලන්තෙ සයිටම් බ්ලැක් ලිස්ට් කරලා -GMOA - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 15, 2017

එංගලන්තෙ සයිටම් බ්ලැක් ලිස්ට් කරලා -GMOA

'සයිටම්' වෛද්‍ය විද්‍යාලය පිළිගත නොහැකි බවට එංගලන්තයේ වෛද්‍ය සභාව තීරණය කර ඇති බවත් එම තීරණය එංගලන්තයේ වෛද්‍ය සභාව විසින් අසාදු ලේඛනයන ලැයිස්තුගත කර ප්‍රකාශයට පත්කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ 'සයිටම්' වෛද්‍ය විද්‍යාලය පිළිබඳව අදාළ සියලු කරුණු දීර්ඝ වශයෙන් සලකා බැලීමෙන් පසු එම විද්‍යාලය පිළිගත නොහැකි වෛද්‍ය විද්‍යාලයක් බවට ප්‍රකාශ කිරීමට එංගලන්තයේ වෛද්‍ය සභාව තීරණය කර ඇති බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවැසීය.

'සයිටම්' වෛද්‍ය විද්‍යාලය එංගලන්තයේ වෛද්‍ය සභාව විසින් ඉදිරියේදී සලකා බැලීමට නියමිත ආයතන ඇතුළත් ලැයිස්තුව යටතේ ලැයිස්තුගත කර තිබුණු බවද වෛද්‍ය හරිත අලුත්ගේ කීය. ලෝකයේ සියලුම රටවල වෛද්‍ය සභා සමඟ බැඳී සිටින එංගලන්තයේ වෛද්‍ය සභාව 'සයිටම්' වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂාවකට ලක් කර ඇති බවද වෛද්‍ය හරිත අලුත්ගේ අවධාරණය කළේය.

මේ තත්ත්වය යටතේ 'සයිටම්' ආයතනය සම්බන්ධයෙන් ඇති එකම විකල්පය, එම ආයතනයෙන් උපාධි පිරිනැමීම අත්හිටුවා, ශිෂ්‍යයන් ඇතුළත් කිරීම වහාම නවත්වා එම ආයතනය අහෝසි කිරීම පමණක් යැයිද වෛද්‍ය හරිත අලුත්ගේ පැවැසීය.

No comments:

Post a Comment

Post Bottom Ad