හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයාගත් මුදල්වලින් රුපියල් කෝටි 17කට ආසන්න වත්කම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින ගම්පොළ විදානලාගේ සමන් කුමාර හෙවත් වෙලේ සුදාටත් ඔහුගේ බිරිය හා සොහොයුරියකට එරෙහිව පවරා ඇති නඩුවක් විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණය ඊයේ (14දා) දින නියම කළේය.
ඒ අනුව අදාළ නඩුව දෙසැම්බර් මස 14 වැනිදා විභාගයට ගන්නා බව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා නියෝග කළේය. එදිනට සාක්ෂිකරුවන් අධිකරණය හමුවට කැඳවීමට පියවර ගන්නා ලෙසද විනිසුරුවරයා නියෝග කළේය. හෙරොයින් ජාවාරම තුළින් උපයාගත් මුදල්වලින් රාජගිරිය, මාදිවෙල සහ දෙහිවල යනාදී ප්‍රදේශවලින් රුපියල් කෝටි 17කට ආසන්න වත්කම් හා දේපළ අත්පත් කරගැනීම තුළින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් වෙලේ සුදා, ඔහුගේ බිරිය වන ගයනි ප්‍රියදර්ශනී හා සොහොයුරිය වන වසන්තා කුමාරි යන අයට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.
හෙරොයින් මත්කුඩු ජාවාරම් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වෙලේ සුදා නමැත්තාට මේ වන විට කොළඹ මහාධිකරණය මඟින් මරණීය දණ්ඩනය පනවා ඇති අතර ඔහු මෙම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
කේ.එස්. උදයකුමාර්
Friday, September 15, 2017
වෙලේ සුදාගේ කුඩු නඩුවත් ඉක්මන් වෙයි
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment