ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් වහාම ක‍්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය ඇමති අරුන්දික ප්රනාන්දු මහතා ධුරයෙන් ඉවත් කර ඇත.
අරුන්දික ප්රනාන්දු මහතා දරනු ලැබුවේ සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය වන අතර ඔහුගේ ධුරයෙන් නෙරපීම අද දිනයේ සිට ක‍්‍රියාත්මකයි.
ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ඇති බලතල මෙම ඉවත් කිරීම සිදු කලේ යයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. කුමන චෝදනාවක් මත ඔහු ධුරයෙන් ඉවත් කලේදැයි වාර්තා නොවෙයි. වත්මන් ආණ්ඩුවේ වැඩපිලිවෙල ගැන මුල සිටම තමනට ගැටළු තිබූ බවත් ආණ්ඩුවේ රැදී සිටීමට තමනට උවමනා නොවූ බවත් අද දිනයේ ජනාධිපතිවරයා විසින් නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කරන ලද අරුන්දික ප්රනාන්දු මහතා පවසයි.
තමන් ඉදිරියේදී පාර්ලිමේන්තුව තුල ශ‍්‍රීලනි මන්ත‍්‍රීවරයෙක් ලෙස කටයුතු කරන බවද සදහන් කරන ඔහු තමා ඉවත් කල පමණින් ආණ්ඩුවෙන් ඉවත්ව යන පසු නොබසිනු ඇතැයිද සදහන් කරයි.
Tuesday, September 12, 2017
ඇමතිකමෙන් අයින් කල එක ලොකු දෙයක්.. මටත් එපා වෙපා හිටියේ
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment