කොටි හැංගූ අත් බෝම්බ 8ක් වවුනියාවේ ගෙවත්තකින් මතුවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 24, 2017

කොටි හැංගූ අත් බෝම්බ 8ක් වවුනියාවේ ගෙවත්තකින් මතුවේ

වවුනියාව මූන්රිමුරිප්පු ප්‍රදේශයේ වැසියකු විසින් සිය ගෙවත්ත එළි පෙහෙළි කිරීමට ට්‍රැක්ටරයකින් හාන අවස්ථාවේදී යුද සමයේදී එල්ටීටීඊ සංවිධානය විසින් වළ දැමූ අත්බෝම්බ 8ක් පෙරේදා (22දා) හමු වී ඇති බව වවුනියාව පොලිසිය කියයි. යුද්ධය අවසන් වීමෙන් පසුව පළමුවතාවට සිය ඉඩම එළිපෙහෙළි කිරීම සඳහා ට්‍රැක්ටරයකින් හාන අවස්ථාවේදී අත්බෝම්බයක් මතු වීම ගැන වවුනියාව පොලිසියට දැනුම් දීමෙන් පසුව පොලිස් නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදු කරන ලද සෝදිසි කිරීම්වලින් පසුව යකඩ ආවාරණයක බහාලූ තවත් අත්බෝම්බ 7ක් සොයාගෙන ඇත.

හමු වූ අත්බෝම්බ 8න් 6ක්ම කොටි සංවිධානය විසින් නිෂ්පාදනය කරන ලද 'තමිලන් ගුණ්ඩු' නමැති බෝම්බ වන අතර අනෙක් අත්බෝම්බ දෙක විදේශයක නිෂ්පාදිත වර්ගයක් බවට පොලිසිය කියයි. යුද සමයේදී කොටි සංවිධානය විසින් පසු ප්‍රයෝජනය සඳහා වළ දමන්නට ඇති බවට වවුනියාව පොලිසිය සැක පළ කරයි. හමු වූ අත්බෝම්බ විනාශ කිරීමට වවුනියාව අධිකරණයෙන් නියෝගයක් ලබා ගැනීමටද පොලිස් විශේෂ කාර්ය බළකාය පියවර ගෙන ඇත.

ඕමන්ත- ශේෂලා අමරසිංහ

No comments:

Post a Comment

Post Bottom Ad