ඉතිහාසයේ පලමුවරට විධායක ජනාධිපති ධූර කාලය අවසන් වීමට ප්‍රථම ඉල්ලා අස්වු පලමු ජනාධිපති ලේකම් බවට පි.බි. අබේකෝන් පත්වේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 1, 2017

ඉතිහාසයේ පලමුවරට විධායක ජනාධිපති ධූර කාලය අවසන් වීමට ප්‍රථම ඉල්ලා අස්වු පලමු ජනාධිපති ලේකම් බවට පි.බි. අබේකෝන් පත්වේ..

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා මෙරටේ පලමු විධායක ජනාධිපති ධූරයට පත්වුහ. එදා සිට ඊයේ දක්වා මෙරටේ විධායක ජනාධිපති ධූරයට තේරි පත්වු ජනාධිපතිවරුන් ඔහුනගේ ධූර කාලය අවසන් වීමට ප්‍රථම ඉල්ලා අස්වු පලමු ජනාධිපති ලේකම් ලෙස, ඊයේ දිනයේදි ජනාධිපති ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වු පි බි අබේකෝන් ඉතිහාසයට එකවනු ඇත.

2015 ජනවාරි 08 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 6 වෙනි විධායක ජනාධිපති ලෙස පත්වු අතර ඔහුගේ වසර 5 ධූර කාලය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (1) යටතේ ජනාධිපතිවරයා විසින් ඔහුගේ අභිමතය පරිදි ජනාධිපති ලේකම්වරයෙකු ඔහුගේ එම ධූර කාලය සඳහා පත් කර ගැනීමට හැකිය. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පි බි අබේකෝන් ජනාධිපති ලේකම් බවට පත්කෙලේ 2015 ජනවාරි 9 වෙනිදා ය. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5 න් මේ වනවිට හරි අඩකටත් වඩා ගෙවි අවසන් ය. එනම් වසර අවුරුදු 2යි මාස 6 යි දින 22 ක ගෙවා ඇත.

එමෙන්ම 2015 ජනවාරි 8 වෙනිදා සිට ජනාධිපතිවරයා යටතේ පරිසර අමාත්‍යාංශය ද පවතින අතර ඒ සඳහා පිලිවෙලින් නිහාල් රූපසිංහ, උදය සෙනෙවිරත්න සහ අනුර ගුණසේකර යන ලේකම්වරුන් තිදෙනකු වසර දෙකහමාරක් කාලය තුල පත් කොට ඇත. තවද මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍යය හා පෝෂණ අමාත්‍ය ලෙස වසර 4 ක් සිටි අතර එම කාලය තුල වෛද්‍ය රුබේරු. වෛද්‍ය කහදගමගේ, වෛද්‍ය නිහාල් ජයතිලක මෙන්ම සුදර්මා කරුණාරත්න යන ලේකම්වරුන් 4 දෙනෙකු එම කාලය තුල ඔහු සමඟ රාජකාරි කොට ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad