පාකිස්තානයේ වත්මන් අගමැති නවාස් ෂෙරීෆ් ගේ පවුලේ අය මුදල් විශුද්ධිකරණ චෝදනා වලට ලක්වූයේ මින් මාස කිහියකට පෙර ආන්දෝලනයක් ඇති කළ ‘පැනමා පේපර්ස් ‘ වල ෂෙරිෆ්ගේ දූදරුවන්ගේ නම් වලට මුදල් තැන්පතු ඇති බවට හෙළිවීම නිසාය.
මේ දිනවල පකිස්තානයේ ඒ සම්බන්ධ ස්වාධීන විමර්ශනයක් අරඹා තිබෙන අතර එයින් බේරීම පිණිස එහි නම ගෑවී ඇති නවාස් ෂෙරීෆ්ගේ දියණියක වන මර්යම් ෂෙරිෆ් එම ලේඛන ව්‍යාජ ඒවා බව දක්වන්නට ලිපියක් ඉදිරිපත් කර කියා සිටියේ මෙම මුදල් තැන්පතුවට වෙනත් අයෙකු තම නම අවභාවිත කර ඇති බවත් ඒ සඳහා එම ලිපිය සාක්ෂියකක් බවත්ය.
2006 අවුරුද්දක දිනයක් සටහන් කර ලියන ලද එම ලිපිය මෙම විමර්ෂණය සිදුකරන JIT ලෙස නම් කර තිබෙන ඒකාබද්ධ විමර්ශන කණ්ඩායමේ සෝදිසියට ලක්වූ අතර එහිදී අනාවරණය වූයේ එම ලිපිය ටයිප් කර ඇත්තේ ‘කැලිබ්රි‘ නමැති ෆොන්ට් එකකින් බවයි.මයික්‍රොසොෆ්ට් සමාගමේ අලුත් ෆොන්ට් එකක් වන මෙය 2007 ජනවාරි 30 සිට ලෝකයට හඳුන්වාදී තිබී ඇති අතර ඒ කරුණ මත ෂෙරිෆ් දියණියගේ ලිපිය එම ෆොන්ට් වර්ගයෙන් ටයිප්වීම සැකයට බඳුන්ව ඇත.
ඒ නිසා නවාස් ෂෙරීෆ් පවුලේ අය වැරදි වලින් බේරීමට ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කර ඇති බවට දැන් ආන්දෝලනයක් ඇතිව තිබේ.
Wednesday, July 12, 2017
කැලිබ්රි ෆොන්ට් එක නිසා පකිස්තානු අගමැති අවුලක
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment