නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි මහතා අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විවෘත වරෙන්තු නිකුත් කර තිබෙනවා. 2008 වසරේදී කොළඹදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදස්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන පරීක්ෂණවල සැකකරුවෙකු ලෙස නම්කර තිබෙනවා.
එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් 5 දෙනා ලබන 19දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝගය කාලා. මේ අතර එම නඩුවේ සැකරුවෙකු ලෙසට නම් කළ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඒ ඩී පී රත්නායක මහතා විදේශගත වීමට අවසර ලබාදෙන ලෙසට කළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය අද නිකුත් කරන බව ද විනිසුරුවරිය සඳහන් කළා.
Wednesday, July 12, 2017
නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරයකු අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක්
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment