ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් එයාර්බස් 320 (4R-ABK) යානයේ කල්බදු කාලසීමාව මේවන විට අවසන්ව ඇති අතර එය ඉන්දියානු ඉන්ඩිගෝ ගුවන් සමාගම (InterGlobe Aviation, India) විසින් නැවත ලබාගෙන ඇත.
මේවන විට ශ්‍රී ලංකන් ඉංජිනේරු අංශය EASA 145 රෙගුලාසීන් උල්ලංගනය කරමින් කටයුතු කිරීම නිසා එම අනුමැතීන්ද ජාත්‍යන්තරය මගින් අත්හිටුවා ඇත. ඒ හේතුවෙන් එයාර්බස් 320 යානය ඉන්ඩිගෝ සමාගමට භාරදීමට ප්‍රථම සිදුකරනු ලබන නඩත්තු කටයුතු කිසිවක් සිදුකළ නොහැකි තත්වයක් පැණ නැගී ඇති අතර අදාළ යානය තවමත් කටුනායක ගුවන් තොටුපළේ ගාල්කර ඇත.
මෙම කල්ගතවීම නිසා දිනකට ඇමරිකන් ඩොලර් 12,000ක දඩයක් අදාළ ඉන්දියානු සමාගමට ගෙවිය යුතුව ඇති අතර මේ දක්වා දින 62ක් ගතව ඇත. නැවත ලබාදෙන දිනයක්ද වාර්තා නොවන අතර මෙවැනි පරිපාලනමය දුර්වලකම් නිසා වලපල්ලට යමින් තිබෙන ශ්‍රී ලංකන් ගමන තවත් වේගවනු ඇති බව එහි සේවකයින් පවසයි.
– වෙනුර
Friday, July 7, 2017
සල්ලි කන ශ්‍රී ලංකන් දිනකට ඩොලර් 12,000 (රුපියල් 18 ලක්‍ෂය) බැගින් ගිලී..
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment