අනූව දශකයේ ජනප්‍රියත්වයට පත් ගායන ශිල්පියකු වූ ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා පසුගිය 08 වනදා කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. වසර දෙකකට අධික කාලයක් පුරා ස්නායු ආබාධයක් හේතුවෙන් රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට 44 වැනි වියේ පසුවිය.
වයලින් වාද්‍ය ශිල්පියකු ලෙස තම සංගීත දිවිය ඇරැඹූ ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා 90 දශකයේදී ජාතික තරුණ සේවා සභාව හරහා ගායන ක්‍ෂේත්‍රයට පිවිසියේය. ඒ මහතා ගායනා කළ සුදු මල් පොකුරක්, සඳ කුමාරියක්, මහද ප්‍රේමාදරේ, කඳුළු ගංගා ගලා වැනි ගීත රසිකයක් අතර අතිශය ජනාදරයට පත්විය. ගී පද රචකයකු, සංගීත අධ්‍යක්‍ෂවරයකු ලෙසද ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා කටයුතු කෙළේය.
ඔහුගේ පියා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වයලීන් වාදකයකු මෙන්ම සංගීත ගුරුවරයකු වූ නැසීගිය ඊටින් ප්‍රනාන්දු මහතාය. මව රසලින් පල්ලියගුරුගේ විදුහල්පතිවරියකි. ශිරෝනි ප්‍රියංගිකා මහත්මිය එකම සොහොයුරිය වේ. ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රින්ස් උදයප්‍රියන්ත මහතාගේ දේහය ඊයේ පෙරවරුවේ කොළඹ සුදර්ශී ශාලාවේ සිට නවඳගල සිරිපුර පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන ගියේය.
මේ අවස්ථාවට කීර්ති පැස්කුවල්, මධුමාධව අරවින්ද සහ යමුණා මාලිනී යන කලාකරුවන් එක්වී සිටි අතර ඔවුන් හැරෙන්නට වෙනත් කිසිදු නව පරපුරේ හෝ සමකාලීන කලාකරුවන් කිසිවෙකු මේ අවස්ථාවට සහභාගී වී නොසිටි බවත් දැනගන්නට ලැබේ. කෙසේ වෙතත් පසුගිය 09 වනදා ප්‍රින්ස් උදයප්‍රියන්ත මහතාගේ දේහය කොළඹ සුදර්ශී ශාලාවේ තැන්පත් කර තිබූ අවස්ථාවේදීද ප්‍රවීණ ගායන ශිල්පීන් වූ චන්දන ලියනාරච්චි සහ රාජු බණ්ඩාර ඇතුළු කිහිප දෙනෙකු එක්ව සිටියහ.
ඇල්පිටිය, නවදගල, සිරිපුර පිහිටි “ප්‍රියංකර“ නිවසේ මේවන විට දේහය තැන්පත් කර ඇති අතර අද පස්වරුවේදී පවුලේ සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය. අවසන් කටයුතු සඳහා ගායක ගායිකා සංගමය සිය පූර්ණ අනුග්‍රහය දක්වන බව ප්‍රකාශ කොට තිබේ. සොදුරු කලාකරුවාණෙනි ඔබට නිවන් සුව ඒ පිළිබඳ වීඩියෝව පහතින්,

No comments:
Post a Comment