රට අවුල් ජාලාවක් කිරීමේ උත්සාහයක්? - හකීම්ට ප්‍රහේලිකාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 11, 2017

රට අවුල් ජාලාවක් කිරීමේ උත්සාහයක්? - හකීම්ට ප්‍රහේලිකාවක්

රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ඇතැම් කණ්ඩායම් සිදුකරන කඩා කප්පල්කාරි ක්‍රියාවන් සම්බන්ධයෙන් රජයේ ඉහළ පෙලේ නායකයින් සමග සාකච්ඡා කර ඒවා විසදීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක, අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ ඊයේ (10) මහනුවර පැවති වැඩසටහනකට එක්වෙමිනි. ඇතැම් කණ්ඩායම් වලට රට අවුල් ජාලාවක් කිරීමට අවශ්‍ය වී ඇති බවත්, එවැනි දේවල් සිදුකරන කණ්ඩායම් සම්බන්ධයෙන් සොයා බැලීම බුද්ධි අංශවලට අපහසු කාර්යයක් නොවන බවත් අමාත්‍යවරයා සදහන් කළේය. එහෙත් ඒ සම්බන්ධයෙන් විශාල ප්‍රහේලිකාවක් පවතින බව ද ඔහු පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad