ලංකාවේ දේශපාලනේ කියන්නේ හරිම වර්ණවත්
වෙනස්කම් වලින් පිරුණු ක්ෂේත්‍රයක්. ඉතින් වෙනදාටත් වඩා අන්තර්ජාලය සහ
ජනමාධ්‍ය අපිට සමීප නිසා දේශපාලකයින් කරන කියන දේවල් අපිට බොහොම ඉක්මනින්
ආරංචි වෙනවා සහ දකින්නට හම්බ වෙනවා.
ඒ අස්සේ දේශපාලකයින් කියන එක එක වචන
අල්ලාගෙන ඒවායෙන් උපහාසාත්මක කියමන් හදාගන්න වර්තමානයේ තරුණ පරපුර හරි
දක්ෂයි. මේක ඉතින් අමුතු දෙයක් නෙවෙයි. හැමදාමත් සිදුවුණ දෙයක්. වෙනසකට
තියෙන්නේ අන්තර්ජාලෙට පින් සිද්ධ වෙන්න දැන් ඔවුන්ගේ කටෙන් පිටවෙන වචන ගැන
ඒවා පිටවුණු තත්පරයෙන් අපිට ආරංචිය එන එකයි. හැබෑටම මොනවද එහෙම ආරංචි වෙන වචන? අපි ඒ ගැන හොයලා බලන්න තීරණේ කළා. මෙන්න අපට හමුවුන ප්‍රතිඵල.
1. හෙන්චයියා
Newly Added Words to Politics
Source – telo.org
හෙන්චයියා කියන වචනේ භාවිතා වෙන්නේ යටහත් පහත් අතවැසියා එහෙමත් නැතිනම්
සේවකයා කියන අර්ථය එක්ක එකතු වෙලා. අපිට මතක හැටියට මේ වචනය වැඩිපුරම
භාවිතාවට එන්න පටන් ගත්තේ චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිතුමියගේ පාලන කාලය
තුළදීයි.
2. ජිල්මාට්
Newly Added Words to Politics
Source – newsfirst.lk
බොහොම ප්‍රසිද්ධ වචනයක් මේ වෙනකොට. තමන්ට කල නොහැකි වැඩක් කුමක් හෝ කූට
උපක්‍රමයකින් ඉටු කරවා ගැනීමට දරන උත්සාහය මේ විදියට ජිල්මාට් නමින්
හඳුන්වනවා. සරත් ෆොන්සේකා මහතා හංසයා ලකුණින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට
එරෙහිව තරඟ කළා. නමුත් එයින් සරත් ෆොන්සේකා මහතා පරාජය වුනා. එවිට පරාජය
වූ පිල චෝදනා කරන්නට ගත්තේ මේ දිනුම ස්වභාවික ජයග්‍රහණයක් නොව “කොම්පියුටර්
ජිල්මාට්” එකකින් ගත් ජයක් බවයි. ඒ වගේ ම තවත් අවස්ථාවක නිශාන්ත
මුතුහෙට්ටිගමත් ඔය ජිල්මාට් කතාවක් කියා සිටියා.
3. ටොයියා / බයියා
Newly Added Words to Politics
Source – youtube.com/A Eadvertiser
කතාව ආරම්භ වෙන්නේ ඉහත තිබෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් අය වැය
කතාව අතරතුරදී කරන ලද ප්‍රකාශයක් නිසයි. කොහොමද බයියාගේ වැඩ? කියලා ඇසු
කතාවෙන් පසු බයියා යන යෙදුම පොදු පෙරමුණු පාක්ෂිකයින් හැඳින්වීමට යොදාගන්න
පටන් ගැණුනා, එක්සත් ජාතික පාක්ෂිකයින් ටොයියන් බවට පත්වුණා.
4. ටොප් ටෙන්
Newly Added Words to Politics
Source – colombotoday.com
ටොප් ටෙන් කියන්නේ හොඳම 10 කියන අරුතින් ගැනෙන වචනයක්. නමුත් මෙය ඒකාබද්ධ
විපක්ෂයෙන් භාවිතා කරන්නේ වෙනස්ම තේරුමක් සඳහායි. ඒ තමයි ආණ්ඩුවේ වැඩියෙන්ම
වංචා දූෂණ කරන ඇමතිවරු කවුරුන්ද යන්න සොයා ගැනීම සඳහායි. ඔවුන් දැනටමත්
එසේ දුෂණ වංචා කරන මැති ඇමතිවරු කිහිප දෙනෙක්ගේ තොරතුරු හොයාගෙන තිබෙනවාලු.
5. ඔබට සතුටුයිද දැන්
Newly Added Words to Politics
Source – youtube.com/විගස පුවත්
මේ කියමන එන්නේ ගීතයක කොටසක් විදිහටයි. ඒ රුවන් හෙට්ටිආරච්චිගේ “වෙන්වීලා
ගියදා පටන්” කියන ගීතයේ කොටසක් විදිහටයි. නමුත් දේශපාලනයේ මේ ගීත කොටස
ජනප්‍රිය වෙන්නට පටන් ගන්නේ අපේ හිටපු ජනාධිපතිතුමා එක අවස්ථාවක
මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වන විට කියන කෙටි උත්ප්‍රාස වචන කොටසක් නිසයි.
6. මෙගා ඩීල්
Newly Added Words to Politics
Source – dailynews.lk
මෙගා ඩීල් කියන්නේ අති විශාල ගනුදෙනුවක් කියන අදහස ඇතිවයි. නමුත් මේ මෙගා
ඩීල් කියන වචනය මුලින්ම භාවිතාවට ගෙන එන්නේ යහපාලන රජයේ ඇමති ධූරයක් දරන
පාඨලී චම්පික රණවක මහතා විසින්. ඔහු විසින් පෙර රජයේ මුදල් අවභාවිතාවන් කළා
යැයි කරන චෝදනාවන් හඳුන්වන්නේ මෙගා ඩීල් කියන නමිනුයි.
7. කම්කරු / සිකුරුටි
Newly Added Words to Politics
youtube.com/Job Dansela
මේ වචනය භාවිතයට ආවේ සජිත් ප්‍රේමදාස මහත්මයා විසින් හම්බන්තොටදී රැකියා
ලබා දෙන බවට කල විමසීමකදී, එහි පැමිණි සිටි පිරිස වර්ග කරන ආකාරය පැහැදිලි
කරන ආකාරයෙන්. සමාජ ජාල මාධ්‍ය හරහා බොහොම වේගයෙන් මෙය පැතිරුණා.
8. පිස්සෙක් වගේ පිස්සෙක් වගේ
Newly Added Words to Politics
Source – asianmirror.lk
කියනකොටත් හිනා යන මේ කතාවට වස්තුබීජය හරියටම පෙන්වනවා නම් අඩුම තරමේ
යුටියුබ් ලින්ක් එකක්වත් මෙතනට එකතු වෙන්න ඕනේ. අවාසනාවට මේ වීඩියෝ එක
අයින්කරලා. එක්කෝ හයිඩ් කරලා. කතාව මෙහෙමයි. උසස් අධ්‍යාපන ඇමති වෙච්ච එස්.බී දිසානායක එක අවස්ථාවක
චන්ද්‍රිකා මැතිණිය කල වංචා දුෂණ වලට දිය යුතු දඬුවම ගැන කියත්දී තමා මේ
වචන කොටස කියන්නේ. නමුත් ඒ සම්බන්ධයෙන් ඔහුට ජනතාවගෙන් විශාල විරෝධතාවක්
එවකට එල්ල වුනා.
9. අධිරාජ්‍යවාදී බූවල්ලා / අන්තර්ජාතික කුමන්ත්‍රණ/ විජාතික බලවේග
Newly Added Words to Politics
Source – english.acmc.lk
මේ වචන ටිකේ නම් පේටන්ට් අයිතිය අරගෙන තියෙන්නේ අපේ හිතවත් විමල් වීරවංශ
මහත්මයා තමයි. එතුමාගේ කතා 10ක් ගත්තොත් එයින් 9 කම බොහෝ වෙලාවට මේ වචන
තුනෙන් එකක් අනිවා තියෙනවා.
10. රෙජිමය
Newly Added Words to Politics
Source – adaderana.lk
රෙජීමය කියන්නේ රෙජිමන්ට් කියන වචනයේ කෙටි සිංහල උරුවට තැනුණු වචනයයි. මේක
නම් ගොඩක් වෙලාවට පාවිච්චි කලේ මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයේ ඉන්නකොට
විපක්ෂයේ හිටපු ඈයෝ තමයි. “රාජපක්ෂ රෙජීමය” වගේ වචන ඒ කාලේ විපක්ෂ දේශපාලන
වේදිකාව තුලින් නිතරම ඇහුනත් පස්සේ ජනවාරි 8 වෙනිදා විපක්ෂය බලයට පත් වුනාට
පස්සේ ටිකක් ඇහෙන්නේ නැතුව ගියා. ඒ වුනාට දැන් වුනත් ඉඳලා හිටලා
නොස්ටැල්ජික් මතක එළියට ගන්න අපේ යාලුවෝ තවමත් මේ වචනේ නම් පාවිච්චි
කරනවා.
11. පළා බබා
Newly Added Words to Politics
Source – onlanka.com
පළා බබා කතාව ඇතිවෙන්නේ 1987 දී එවකට පැවති රජය විසින් පළාත්සභා ක්‍රමය ඇති
කරන්නට යාමේදී. මේ ක්‍රමය නිසා තමන්ගේ ඡන්ද පදනමට, ඡන්ද දායකයාට සහ
අපේක්ෂකයාට අවාසියක් වෙන බව කියමින් ජනතා විමුක්ති පෙරමුණ වීදි බැස උද්ගෝෂණ
කළා.
මේ කියන “පළාත් සභා අපිට එපා!” කියන සටන්
පාඨය පොඩි දරුවන් කියා තියෙන්නේ “පළා බබා අපිට එපා” කියලයි. මෙය ඒ කාලේ
බොහොම ජනප්‍රිය යෙදුමක් වුනා විතරක් නෙවෙයි. තවමත් පළාත්සභා මන්ත්‍රීවරු
හඳුන්වන උත්ප්‍රාස නාමයක් වෙන්නේ මේ පළාබබා කියන නමයි.
Source : Channel4.lk
Saturday, June 10, 2017
ලංකාවේ මෑතකදී ගොඩක් හිට් වුණු පොලිටිකල් කතා ටික ඔබට මතකද?
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment