මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරලා දැම්මේ සල්ලි කඩාගෙන, ආගමික ස්ථානවලට පහර දෙමින් සමහර ස්වාමීන් වහන්සේලා කළ කටයුතු නිසා බවත් මහින්ද රාජපක්ෂ බලයේ සිටින කාලයේ ඥාණසාර හිමියන්ව අරලියගහ මන්දිරයට ගෙන්වා නොගත් බවත් ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා පවසයි.
අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දීම සඳහා ඊයේ (27) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ජාවකදී ඔහු මෙම අදහස් පළ කළේය. එමෙන්ම මෙවැනි ස්වාමීන් වහන්සේ කෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කාර්යාලයට තුන් වතාවක් ගෙන ගිය බවත් මේ වන විට මුස්ලිම් ජනතාවගේ හදවත් විනාශ වී ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
අසාද් සාලිව පුළුවන් නම් අත්අඩංගුවට ගන්නා ලෙස විජේදාස රාජපක්ෂට අභියෝග කරන බවත් “තමුනාන්සේට අසාද් සාලිගේ මයිල් ගහක්වත් හොල්ලන්න බෑ.පුළුවන් නම් තමුසෙට පුළුවන් දේ කරනවා.මට පුළුවන් දේ මම කරලා පෙන්නන්නම්” යනුවෙන් අසාද් සාලි මහතා ප්‍රකාශ කරයි.
එම මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පැවසුවේ මට නඩයක් නෑ නඩයක් තියෙනවා නම් තියෙන්නේ සම සමාජ නඩය බවත් එතුමා ගලබොඩ අත්තේ ඥාණසාර ස්වාමීන් වහන්සේ ඉතාම ගෞරවයෙන් පිළිගෙන කටයුතු කරන බව හා එතුමා ජාතිවාදී,ආගම්වාදී අදහසින් කටයුතු කරන බවත්ය. එමෙන්ම තම මතය ඉදිරිපත් කරන බවත් විරුද්ධ දේවල්වලට කතා කරන බවත් කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

No comments:
Post a Comment