ශ්‍රී ලංකා යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා වැඩබලන යුද හමුදාපතිවරයා ලෙස පත් කරනු ඇති බව ආරංචි මාර්ග පවසයි. යුධ හමුදාපති ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කිරීමත් සමග යුධ හමුදාපති ධූරයේ වැඩ බැලීමට මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පත් කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.
කෙසේ වෙතත් යුධ හමුදාපති ධූරයේ වැඩබැලීමට පත්කර ඇති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා නව යුධ හමුදාපතිවරයා ලෙස පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයිද එම ආරංචි මාර්ග පැවසී ය. මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා 1981.10.16 වනදා බඳවාගැනීම් පාඨමාලා අංක 16 යටතේ කැඩෙට් නිළධාරියකු ලෙස යුධ හමුදාවට එක්වූ අයෙකි.
1983.06.23 වනදා එම පාඨමාලාවේ සෑම අතින්ම අති ශූර කැඩෙට් නිළධාරියාට හිමි ශුරතාව දිනා ගනිමින් දෙවන ලුතිනන්වරයකු ලෙස අධිකාරියට පත්වී යුද හමුදා ඉංජිනේරු රෙජිමේන්තුවේ නිලධාරියකු ලෙස හමුදා සේවයට එක්වූ ඔහු ඉන් පසුව යුද හමුදා විශේෂ බළකායට එක්විය. මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විශේෂ බළකා නිළධාරියකු ලෙස උතුරු නැගෙනහිර ක්‍රියාන්විත රාජකාරියෙහි නිරත වූ අතර එම බළකායේ බළඇණි අණදෙන නිළධාරි, විශේෂ බළකා බළසේනාධිපති ලෙසද කටයුතු කළේය.
ඔහු වත්මන් විශේෂ බළකා රෙජිමේන්තු අධිපති ධුරය ද උසුලන අතර මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක දියණියන් දෙදෙනෙකුගේ සහ එක් පුතෙකුගේ පියෙකි.

No comments:
Post a Comment