උමා ඔය හර්තාල් - බණ්ඩාරවෙල නගරය දැනටමත් අඩපනයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 28, 2017

උමා ඔය හර්තාල් - බණ්ඩාරවෙල නගරය දැනටමත් අඩපනයි

උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහිව මේ වන විට බණ්ඩාරවෙල නගරයේ දැවැන්ත හර්තාල් ව්‍යාපාරයකට සුදානම් වෙමින් පවතින බව වාර්තා වේ. ඒ අනුව නගරයේ කඩ සාප්පු සියල්ල වසා දමා ඇති අතර, බණ්ඩාරවෙල තොග වෙළෙදපොල, එළවළු වෙළෙදපොල ද වසා දමා ඇති බවත් පුද්ගලික බස් රථ කිසිවක් බණ්ඩාරවෙල නගරයෙන් ධාවනය නොවන බවත් වාර්තා වේ.

බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය, ධර්මාශෝක විද්‍යාලය, විශාකා, ශාන්ත ජෝෂප්, කුඩා කුසුම්, සීවලී හා ධර්මපාල විද්‍යාලයන් හි සිසුන් පැමිණීම ඉතා පහත මට්ටමක පවතී. පාසල් වෑන් මගින් ද, පුද්ගලික බස් රථ මගින් ද සිසුන් ප්‍ර‍වාහනය නොකරන බව ඊයේ දිනයේ නිවේදනය කොට තිබුණි. බිදුණුවැව සිට බණ්ඩාරවෙල දක්වා නගරයේ සෑම තැනම කළු කොඩි ඔසවා ඇත.

හානියට පත් ජනයාට සහන සැලසීම, දිය කාන්දුව වලක්වා ගැනීම, උමගේ ඉදිරි කැනීම් කටයුතු සිදු කිරීමට පෙර පරිසර හානි අවම කිරීම සදහා පියවර ගැනීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් සදහා රජයේ අවධානය දිනා ගැනීම සදහා මෙම හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක වන බව එහි සංවිධායකවරු පවසති. උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැදවුම්කරු සමන්ත විද්‍යාරත්න මහතා ප්‍ර‍මුඛ පිරිසක් සහභාගිවන දැවැන්ත ජන හමුවක් ද හර්තාලය අතරතුර පැවැත්වේ.

No comments:

Post a Comment

Post Bottom Ad