"අල් ජසීරා වසා දමන්න" - කටාර් අර්බුදය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 23, 2017

"අල් ජසීරා වසා දමන්න" - කටාර් අර්බුදය

සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ ඊජිප්තුව යන අරාබි රටවල් ඇතුළු රටවල් කිහිපයක් කටාර් රාජ්‍යය සමග සියලු සම්බන්ධතා අත්හිටුවීමත් සමග හටගත් කලාපීය රාජ්‍යතාන්ත්‍රික අර්බුදය තවමත් නිමා වී නැත.

මේ අතර දැනට පනවා තිබෙන සම්බාධක ඉවත් කිරීමට නම් කටාරයේ මූලස්ථානය පිහිටි අල් ජසීරා මාධ්‍ය ආයතනය වසා දැමීම ඇතුළු ඉල්ලීම් දහතුනක් ඉහත කී අරාබි රටවල් හතර කටාරය වෙත ඉදිරිපත් කර තිබේ. ඉරානය සමග සම්බන්ධතා අඩු කිරීම සහ කටාරයේ පිහිටි තුර්කි හමුදා කඳවුරක් ඉවත් කිරීම ඇතුළු සිය ඉල්ලීම් දින දහයක් ඇතුළත ඉටු කළ යුතු බවත් එම රටවල් ඉදිරිපත් කරන ප්‍රධාන කොන්දේසියකි.

එම ඉල්ලීම් ඇතුළත් ලැයිස්තුවක පිටපතක් ඇසෝසියේටඩ් ප්‍රෙස් (Associated Press) පුවත් සේවයට ද ලැබී තිබේ. ඒවා අතර:

1. මුස්ලිම් සහෝදරත්වය සංවිධානය සමග සම්බන්ධතා අත්හැරීම.

2. සිය රටවල් හතරේ පුරවැසියන්ට කටාරයේ පුරවැසිභාවය ලබා නොදීම සහ දැනට එසේ පුරවැසිභාවය ලබා       දී තිබෙන පුද්ගලයන් පිටුවහල් කිරීම.

3. ත්‍රස්තවාදයට අනුබල දීමේ චෝදනාව යටතේ අවශ්‍යව සිටින පුද්ගලයන් එම රටවල් හතරට භාරදීම.

4. ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කරනු ලැබ තිබෙන ඕනෑම සංවිධානයකට     ලබාදෙන මූල්‍යාධාර වහාම නතර කිරීම.

5. විශේෂයෙන්ම සවුදි අරාබිය ඇතුළු සිය රටවල විරුද්ධ පක්ෂ නායකයන්ට කටාරය මූල්‍යාධාර ලබා දුන් අවස්ථා පිළිබඳව සවිස්තර වාර්තාවක් ලබාදීම.

6. අල් ජසීරා (Al Jazeera) පමණක් නොව අරාබියා21 (Arabi21) සහ මිඩ්ල් ඊස්ට් අයි (Middle East Eye) ඇතුළු අනෙක් සියලුම මාධ්‍ය ආයතනවලට ලබාදෙන මූල්‍යාධාර වහාම නතර කිරීම.

7. සිය රටවලට වන්දි මුදලක් ගෙවීම. (ප්‍රමාණය අනාවරණය වී නැත)

No comments:

Post a Comment

Post Bottom Ad