ළමා රෝග විශේෂඥයෙක් ගෙන් බේහෙත් ගන්න ගිය ඇමති රන්ජන් (video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 6, 2017

ළමා රෝග විශේෂඥයෙක් ගෙන් බේහෙත් ගන්න ගිය ඇමති රන්ජන් (video)

එක්ටා ගිවිසුම, රාජ්‍ය දේපල පුද්ගලීකරණය, සයිටම් වෛද්‍ය උපාධියට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පවත්වන වැඩ වර්ජනය අතරතුරදී සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ද පාදෙනිය මහතා නවලෝක රෝහලේ පුද්ගලික වෛද්‍ය සේවයේ නිරතව සිටින බවනියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් කරන ලද චෝදනාව කොළඹ නවලෝක රෝහල ප‍්‍රතික්‍ෂෙප කරයි.


නවලෝක රෝහලේ නිල ප‍්‍රකාශකයක් සදහන් කරන්නේ පාදෙණිය මහතා අද දිනය තුල තම රෝහලට නොපැමිණෙන බව දැනුම් දී තිබූ බවත් ඒ බව වේලාවන් වෙන් කරවාගෙන තිබූ රෝගීන් වෙත දන්වා ඇති බවත්ය. වෙබ් අඩවි හා දුරකතන සේවාවන් ඔස්සේ වෙන් කර ගන්නා පුද්ලලයින් වෙත එම තොරතුරු යාවත්කාලීන වීමේ යම් ප‍්‍රමාදයක් සිදුවන්නට ඇතැයිද ඔහු කියා සිටියේය.

මේ අතර කොළඹ පැවති මාධ්‍ය හුමවකදී සංගමයේ ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා කියා සිටියේ ළමා රෝග විශේෂඥයෙක් වන පාදෙනිය මහතා අද දිනයේද කොලඹ රිච්වේ ආර්යා ලමා රෝහලේ තම රාජකාරියේ යෙදී සිටි බවත් වෛද්‍ය වර්ජන කැදවූ දිනයන්හිදී වැඩ වර්ජනන නොකරන රෝහලක් වන එම ලමා රෝහලේ පාදෙණිය මහතා බොහෝ අවස්ථාවන්හිදී රාජකාරියේ යෙදී ඇති බවත්ය.


No comments:

Post a Comment

Post Bottom Ad