ගීතාගේ 37 අවුරුදද්දක විවාහයත් දෙදරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 6, 2017

ගීතාගේ 37 අවුරුදද්දක විවාහයත් දෙදරයි

ඉකුත් දා ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රීධූරය අහිමි වුණා.

ඒ ගීතා කුමාරසිංහ මහත්මියගේ ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් අභියාචනාධිකරණයෙන් දුන් තීන්දුවකට අනුවයි.

අදාළ තීන්දුව ලැබීමට සතියකට පෙර ඇය පුවත්පත් සාකච්ඡාවක් හමුවේ කියා ඇත්තේ මේ හේතූන් නිසා තම විවාහය සම්බන්ධයෙන්ද ප්‍රශ්න ඇතිව තිබෙන බවයි.

“මේ ප්‍රශ්නය නිසා ස්විට්සර්ලන්තේ කෝටි ගාණක දේපොළක් මට නැති වුණා. මම පුරවැසිභාවය අයින් කරගත්තු නිසා ස්විට්සර්ලන්තෙ තිබුණු සියලු අයිතිවාසිකම් අහිමි වුණා. මේ ප්‍රශ්නය නිසා මගේ විවාහය දෙදරුම් කෑවා. මගේ සැමියා මේ ප්‍රශ්නය නිසා සෑහෙන්න උරණවෙලා මට දොස් කිව්වා. අපි විවාහ වෙලා අවුරුදු තිස්හතක් විතර වෙනවා. ඒ තිස්හත් අවුරුද්දක විවාහයේ බැම්ම කඩාගත්තා මේ ප්‍රශ්නය නිසා. මෙච්චරකල් මම මේ ප්‍රශ්නය හිතේ හංගගෙන හිටියේ. මේ ප්‍රශ්නය නිසා මට මානසිකවත් සෑහෙන්න පීඩනයක් ඇතිවුණා. මේ සියල්ල මම දරාගත්තා.

No comments:

Post a Comment

Post Bottom Ad