ISIS රෑට ඇවිත් HIV බෝකරනබව කියන පුවතට රැවටෙන්න එපා! රෑට බරවා මර්ධනයට නිලධාරීන් නිල ඇඳුමින් ගෙදරට එනවා! සෞ.සේ.අ.ජ කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 5, 2017

ISIS රෑට ඇවිත් HIV බෝකරනබව කියන පුවතට රැවටෙන්න එපා! රෑට බරවා මර්ධනයට නිලධාරීන් නිල ඇඳුමින් ගෙදරට එනවා! සෞ.සේ.අ.ජ කියයි

රාත්‍රී කාලයේ රුධිරය ලබාගැනීමට පැමිණෙන නිලධාරීන්ගේ මුවාවෙන් යම් පිරිසක් HIV ඒඩිස් ආසාදනය පතුරුවන බවට සමහර වෙබ් අඩවි මගින් සාවද්‍ය තොරතුරු පතුරවමින් පවතින බවට දැනගැනීමට ලැබී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන පරිදි මේ වනවිට ශ්‍රී ලංකාවෙන් බරවා රෝගය අවම කර ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සහතික කරණය කර ඇත. නමුත් නිරෝගී පුද්ගලයෙකු දිර්ඝ කාලීන ආබාධිතභාවයට හා විරූපීභාවයට පත්කරවන බරවා රෝගය නැවත හිස එසවීම වැළැක්වීම සහ සහමුලින්ම තුරන් කිරීම අරමුණු කරගෙන බරවා මර්ධන ව්‍යාපාරයට අනුයුක්තව සේවය කරන මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරින් ඉතා දුෂ්කර තත්ත්ව යටතේ රාත්‍රී කාලයේ නිවෙස් වලට පැමිණ රධිර පටල ලබාගනු ඇත. 


එම පටල රසායනාගාරයේ දී පරීක්ෂා කර හදුනා ගන්නා රෝගීන්ට නිවසටම පැමිණ ප්‍රතිකාර ලබාදෙනු ලබන බවයි සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා පවසන්නේ. මෙම රුධිර පරික්ෂාව රාත්‍රි කාලයේ දීම සිදු කිරීමට අවශ්‍ය වනුයේ බරවා ක්ෂුද්‍ර පණුවා පර්යන්ත රුධිරයට රාත්‍රී කාලයේ දී පැමිණෙන බැවින්ය. නිවැසියන්ගේ ආරක්ෂාව සදහා මෙම නිලධාරීන් සිය නිළ ඇදුමින් සැරසී හැදුනුම්පත පැළැද සිටියි. මෙි පිළිබදව යම් විමසීමක් සිදු කිරිමට අවශ්‍ය නම් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගෙන් එම තොරතුරු විමසා ලබාගැනිමට හැකි බවයි නිවේදනයේ දැක්වෙන්නේ.


No comments:

Post a Comment

Post Bottom Ad