කාන්තාවන් ජංගම දුරකතන භාවිතා කිරීම තහනම් කෙරේ - භාවිතා කර හසුවුවොත් දඩය රුපියල් 21000යි! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 5, 2017

කාන්තාවන් ජංගම දුරකතන භාවිතා කිරීම තහනම් කෙරේ - භාවිතා කර හසුවුවොත් දඩය රුපියල් 21000යි!

කාන්තාවක් ප්‍රසිද්ධියේ ජංගම දුරකතනයක් භාවිතා කර හසුවුවොත් රුපියල් විසිඑක් දහසක දඩයක් පැනවීමට ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගමක බලධාරීන් තීරණය කර තිබෙන බවට ඉන්දීය වෙබ් අඩවි වාර්ථා කර තිබෙනවා.

මත්පැන් භාවිතය / සූදුව සහ ගව ඝාතනය වැනි වරදවල් යටතේ කාන්තාවක් ජංගම දුරකථනයක් භාවිත කිරීමේ වරද සැළකෙන බවයි ඔවුන් අවධාරණය කරලා තියෙන්නේ. මෙම නීතිය පසුගිය අඟහරුවාදා පනවා ඇති අතර ග්‍රාම සභාවක් මගින් ඊට අනුමැතිය ලබාදී තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ග්‍රාමය තුල සිටින කාන්තාවන් බොහෝ පිරිසක් නුගත් වන අතර ඔවුන්ට ජංගම දුරකථනයක් භාවිත කිරීමට කිිසිදු අවශ්‍යතාවක් ද නොමැති බවයි.

ඕනෑම දෙයක් තම සම්ප්‍රදායන්ට අනුකූලව සිදුවිය යුතු බව ද ඔවුන් සඳහන් කර තිබෙනවා. කාන්තාවන්ට ජංගම දුරකථන භාවිතයට තහනමක් පැනවීම තුලින් මෙම ගම්වැසියන්ගේ අපේක්ෂාව වී ඇත්තේ තරුණියන් පිරිමින් සමග පවතින සබඳතාවලට බාධා මතු කිරීම බවයි ඉන්දීය ආරක්ෂක අංශ පෙන්වා දී තිබෙන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad