Exclusive : දේශපාලනය ගිණියම් වේ.. ශ‍්‍රීලනිප කැබිනට් ඇමතිවරු කැබිනට් හමුව වර්ජනය කිරීමට තීරණය කරති.. මාධ්‍ය හමුවකුත් කැදවති… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 3, 2017

Exclusive : දේශපාලනය ගිණියම් වේ.. ශ‍්‍රීලනිප කැබිනට් ඇමතිවරු කැබිනට් හමුව වර්ජනය කිරීමට තීරණය කරති.. මාධ්‍ය හමුවකුත් කැදවති…

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කම්කරු ඇමති ජෝන් සෙනෙවිරත්න මහතාට එක්සත් ජාතික පක්‍ෂයේ ඇමතිවරුන් දෙදෙනෙකු වන රාජිත සේනාරත්න හා සරත් ෆොන්සේකා විසින් ප‍්‍රසිද්ධියේ නින්දා සහගත නීච බලූ බැණුම් බැණ වැදීමට විරෝධය පල කිරීමක් වශයෙන් ශ‍්‍රීලනිපය නියෝජනය කරන කැබිනට් ඇමතිවරුන් විසින් කැබිනට් මණ්ඩලය වර්ජනය කිරීමට තීරණය කර තිබිනි.

ඒ අනුව තම විරෝධය පල කරමින් අද දිනයේ මාධ්‍ය හමුවක්ද සංවිධානය කර තිබින. පවතින තත්වය දැනගත් දේශපාලන ප‍්‍රධානියෙකුගේ දැනුම් දීම මත එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් ඇමති මලික් සමරවික‍්‍රම මහතා අදාල සිදුවීම් සම්බන්ධයෙන් ඇමති ජෝන් සෙනෙවිරත්නට කණගාටුව පල කිරීම නිසා මෙම ක‍්‍රියාමාර්ගය අත්හිටුවා ඇති අතර කැදවන්නට සූදානම් කර තිබූ මාධ්‍ය හමුවද අවලංගු කරනු ලැබ තිබේ.

කෙසේ වෙතත් මේ දක්මා ඇමති රාජිත හෝ ඇමති ෆොන්සේකා ඇමති ජෝන් සෙනෙවිරත්නගෙන් සමාව ගෙන නැති අතර අදාල නොවන ඇමතිවරයෙකු විසින් අප‍්‍රසිද්ධියේ ‘සොරි’ කීම පමණක් මත සියළු ක‍්‍රියාමාර්ග අකුලාගෙන ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad