ජ‘පුර සරසවියට ඖෂධවේදී විද්‍යා පීඨයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 4, 2017

ජ‘පුර සරසවියට ඖෂධවේදී විද්‍යා පීඨයක්

ජ‘පුර සරසවියට ඖෂධවේදී විද්‍යා පීඨයක්
ඖෂධවේදී සභාව සහ ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් ස්ථාපිත කිරිමට යෝජිත ඖෂධවේදය සහ ඖෂධවේදී විද්‍යා පීඨය සැළසුම් වාර්තාව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට බාරදීම පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි. 

ඖෂධවේදී සභාව ස්ථාපිත කිරීමේ වාර්තාව බාරදෙන ලද්දේ ශ්‍රී ලංකා ඖෂධ විද්‍යා සංගමයේ හිටපු සභාපති මහාචාර්ය ටියුලි ද සිල්වා මහතා විසිනි. ඖෂධවේදය සහ ඖෂධවේදී විද්‍යා පීඨය සකස් කිරීමේ සැළසුම් සහිත වාර්තාව ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නෙතුෂි සමරනායක මහත්මිය විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට බාරදෙන ලදි. 

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඖෂධවේදී සභාව ස්ථාපිත කිරීමේ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීති අංශයට යොමු කරන බවයි. නීති අංශය එය අධ්‍යයනය කිරීමෙන් පසු ඖෂධවේදී සභාව කඩිනමින් ස්ථාපිත කිරීමට අවශ්‍ය පියවර ගැනීමට නියමිතය. ඖෂධවේදී වෘත්තිය නියාමනය කිරීමේ අරමුණින් මෙම සභාව ස්ථාපිත කෙරේ. 

No comments:

Post a Comment

Post Bottom Ad