ත්‍රිපෝෂ ගේන්න ගිය මව - දියණිය ලක්ෂපාන දිය ඇල්ලට බිලි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 26, 2017

ත්‍රිපෝෂ ගේන්න ගිය මව - දියණිය ලක්ෂපාන දිය ඇල්ලට බිලි

ත්‍රිපෝෂ ගේන්න ගිය මව - දියණිය ලක්ෂපාන දිය ඇල්ලට බිලි
පසුගිය 24 වැනිදා මෙම අවාසනාවන්ත සිද්ධිය වාර්තාවන්නේ හැටන් නොර්ටන්බ්‍රිජ් ප්‍රදේශයෙන්. නෝටන්බ්‍රිඡ් තෙබර්ටන් තේ වතුයායේ පදිංචිව සිටි දෙදරු මවක්‌ වයස අවුරුදු දෙකහමාරක් වන ඇගේ දියණියද සමඟ ලක්ෂපාන දිය ඇල්ලෙන් පහලට පැන දිවිනසාගන්නට ඇතැයි ප්‍රදේශවාසීන් විශ්වාස කරනවා. 

මෙලෙස අවාසනවාන්තව වියගොස් ඇත්තේ සෙල්වරාජා සුසිලා නමැති 29 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ දියණිය රාධාක්‍රිෂ්ණන් අනිෂා. ඔවුන්ගේ මළ සිරුරු මේ වන විට සොයාගෙන තිබෙනවා. 24 වන දා උදෑසන ත්‍රිපෝෂ ලබාගැනීම සඳහා පවුල්  සෞඛ්‍ය කාර්යාලයට යන බව පවසා සිය දියණියද සමඟ නිවසින් පිටත්වූ මව සහ දියණිය එදින පස්වරුව වන තුරුත් නිවසට පැමිණ නොතිබීම නිසා පොලීසියට පැමිණිලිකල බව ඥාතීන් පවසනවා. 

ඊයේ (25) දින දියණියගේ සහ කාන්තාවගේ මළසිරුරු සොයාගත් බව පොලීසිය පවසනවා. පවුල් ආරවුලක් හේතුවෙන් මෙසේ දිවි නසාගන්නට ඇතැයි මූලික පරීක්ෂණ වලින් හෙලිවී ඇති බව වැඩිදුරටත් සඳහන්.

No comments:

Post a Comment

Post Bottom Ad