නාකොටික් වැඩ්ඩා මරන්න ආමි අසිතට ලැබුනු කොන්ත්‍රාත්තුව! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 26, 2017

නාකොටික් වැඩ්ඩා මරන්න ආමි අසිතට ලැබුනු කොන්ත්‍රාත්තුව!

පිළියන්දල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමට ගිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැටලීම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීව මහතා ඝාතනය කිරීමේ අරමුණින් එම ඝාතන තැත සැලසුම් කර ඇත්තේ පොලිසියටම තොරතුරු ලබාදුන් පෞද්ගලික ඔත්තුකරුවකු විසින් බව විමර්ශන කණ්ඩායම් හෙළිකර ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සමඟ වසර කිහිපයක කාලයක් දුරකතන හරහා සම්බන්ධ වෙමින් ඔවුන්ට හිතවත්වී නියෝමාල් රංගජීව මහතා ඝාතනය කිරීමට පාතාල නායක මධුෂ්ට මොහු විසින් තොරතුරු ලබාදී ඇති බවද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. පොලිස් නිලධාරීන් මුළා කරමින් හෙරොයින් ජාවාරම්කරුවන්ට හිසරදයක්ව සිටින පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීව මහතා ඝාතනය කිරීමට ‘මධුෂ්’ විසින් ඔහුගේ සමීපතම සගයකු වූ ‘අහංගම ආමි අසිත’ට කොන්ත්‍රාත්තුව ලබාදී තිබුණා.

වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව ආමි අසිත අදාළ ඔත්තුකරු සමඟ තලෙයිමන්නාරම මුහුදු තීරය ඔස්සේ ඉන්දියාවට පලා ගොස් ඇති බවද මේ වන විට හෙළිවී තිබෙනවා. මෙම වෙඩි ප්‍රහාරයෙන් 11 හැවිරිදි දැරියක හා පොලිස් කොස්තාපල්වරයකු ජීවිතක්‍ෂයට පත්වූ අතර පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීව මහතා ඇතුළු පස් දෙනකු බරපතළ තුවාල ලැබුවා. ඝාතනයට අනුබල දීම ආදී චෝදනා මත ආමි අසිතගේ බිරිය සහ ඥාතිවරුන් දෙදෙනකු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධානාගාර ගත කර තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad