තනියෙන් දඩ කොළ ලියන්න බෑලු හාලි ඇළදී පොලිස් නිලධාරියෙකුට තරුණයෙකුගෙන් අභියෝගයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 5, 2017

තනියෙන් දඩ කොළ ලියන්න බෑලු හාලි ඇළදී පොලිස් නිලධාරියෙකුට තරුණයෙකුගෙන් අභියෝගයක්


අද දිනයේ හාලිඇළ ප්‍රදේශයේ මාර්ග නීතියක් උල්ලංඝනය කළ තරුණයෙකු හා පොලිස් නිලධාරියෙකු සම්බන්ධ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇති කර තිබේ. තරුණයෙකුගේ එම වරද සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙකු නීතිය ක්‍රීයාත්මක කරන්නට යාමේදී එම දඩ කොළය තනියෙන් ලියන්නට බෑ යයි චෝදනා කරමින් අදාළ තරුණයා වාදයක පැටලී තිබේ. 

පොලිස් නිලධාරියා පවසන්නේ තනියෙන් ලියන්නට බැරි නීතියක් නීති පොතේ නැති බවකි. රියදුරු බලපත රැගෙන යාමක් ගැනද තරුණයා ප්‍රශ්න කරන අතර එම අවස්ථාවේ වටේ සිටි පිරිස් බලයද සමග කෑගසමින් පොලිස් නිලධාරියාගේ රාජකාරියට ඉඩ නොදුන් ඔහු පොලිසියේදී ගැටලුව නිරාකරණයට යෝජනා කරමින් පොලිස් නිලධාරියා සමග පොලිසියට යන අයුරු වීඩියෝවේ දැක්වේ.

තරුණයා මෙම අවස්ථාවේ තමා ලෝ ෆැකල්ටියේ සිසුවෙකු ලෙසද පොලිස් නිලධාරියාට හඳුන්වා දෙයි.

එම සංවාදය පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad