සමයංට කඩුවෙලදී වෙඩි තැබූ චමින්ද අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 6, 2017

සමයංට කඩුවෙලදී වෙඩි තැබූ චමින්ද අත්අඩංගුවට

පාතාල කල්ලි නායකයෙකු වන අරුණ දමිත් උදයංග හෙවත් සමයං නැමැත්තාට කඩුවෙල අධිකරණ භූමියේදී වෙඩි තැබූ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තලංගම පොලීසියට අනුයුක්ත බස්නාහිර පළාත් බුද්ධි ඒකකයේ නිලධාරීන් විසින් මෙම සැකකරු කොස්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. දොළවත්තගේ චමින්ද ප්‍රසාද් සපරමාදු නැමැති 35 හැවිරිදි මෙම සැකකරු අතුරුගිරිය - වල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කළුතර දී වෙඩි තැබීමේ සිද්ධියට ද මොහුගේ සම්බන්ධයක් ඇත්දැයි මේ වන විට දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි තලංගම පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ. 2015 වසරේ සැප්තැම්බර් 23 වන දා අධිකරණයේ විභාග වන නඩුවක් සඳහා සමයං නැමැති පාතාල කල්ලි නායකයා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ අවස්ථාවකදියි මෙම වෙඩි තැබීම සිදුවුණේ.

No comments:

Post a Comment

Post Bottom Ad