වෘත්තීය සංගම් කිහිපයක් වැඩ වර්ජනයක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 5, 2017

වෘත්තීය සංගම් කිහිපයක් වැඩ වර්ජනයක

වෘත්තීය සංගම් කිහිපයක් වැඩ වර්ජනයක
මාලඹේ සයිටම් ආයතනය ජනසතු කිරීම ඇතුළු ඉල්ලීම් 3 ක් වෙනුවෙන් කැඳවා ඇති වැඩවර්ජනය අද(05) ආරම්භ විය.ඒ සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෛද්‍ය වෘත්තීය සමිති 06ක්, හෙද, ගිලන් රථ, පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති 18ක් සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් වර්ජනයට එක්වීමට නියමිත ය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පැවසුවේ අංශ කිහිපයක සේවා මේ නිසා අඩාල විය හැකි බවයි.රටපුරා රෝහල්වල වෛද්‍යවරුන් සහ සෙසු සෞඛ්‍ය සේවකයන්ද අද වැඩවර්ජනය කළත් අත්‍යවශ්‍ය සහ හදිසි ප්‍රතිකාර සේවා නතර නොකරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණි. 
සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් ලැබුණහොත් ඕනෑම අවස්ථාවකදී වැඩවර්ජනය නතර කිරීමට සූදානම් බවද වෛද්‍ය හරිත අලූත්ගේ මහතා කියාසිටියේය.මේ අතර වැඩවර්ජනය හේතුවෙන් ඖෂධ නිකුත් කිරිම වැනි අතුරු සේවා සම්බන්ධයෙන් බිද වැටීමක් සිදුවුවහොත් එම කටයුතු ඔසුසල් මඟින් හෝ වෙනත් විකල්ප ක්‍රම මඟින් සිදු කිරිමට අපේක‍ෂා කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක‍ෂ ජනරාල්වරයා පවසයි.
ශ්‍රී ලංගම නියෝජනය කරන සමස්ත ලංකා ප්‍රවාහන සංගමයද කියාසිටියේ අද වැඩවර්ජනයට තමන් එක් නොවන බවයි.කෙසේවෙතත් මාලඹේ සයිටම් ආයතනයට තමන්ද එරෙහි බවත් ඒ අනුව සයිටම් විරෝධී ඉදිරි ක්‍රියාමාර්ගවලට  සහාය දක්වන බවත් ඔවුන් පැවසුවේය. කෙසේ වෙතත් අද දින අපට වාර්තා වූයේ ශ්‍රීලංගම බස් ධාවනය නිසි පරිදි සිදු කරන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad