ගැබිණි මව රෝහලේ ට්‍රොලියට නගිද්දී කුසේ සිටි දරුවා බිම වැටී මියගිහින් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 3, 2017

ගැබිණි මව රෝහලේ ට්‍රොලියට නගිද්දී කුසේ සිටි දරුවා බිම වැටී මියගිහින්

ප්‍රසූත වේදනාවෙන් සිටි මවක් ත්‍රිරෝද රථයකින් පිඹුර මූලික රෝහලට ගෙනැවිත් තිබෙනවා. ඇය ත්‍රිරෝද රථයෙන් බැස රෝහලේ ට්‍රොලියට නැඟීමට යන අවස්ථාවේදී දරුවා බිහි වී බිම පතිතවීම නිසා බිළිඳා මියගිය පුවතක් අසන්නට ලැබෙනවා.

එසේ මියගොස් ඇත්තේ ගීකියනකන්දවත්ත ඉහළ කුඩලිගම කොටසේ පදිංචි අවුරුදු 34ක මවකගේ දෙවැනි පිරිමි දරුවායි. එම කාන්තාවගේ බාල සහෝදරයා පැවසුවේ "මියගොස් ඇත්තේ මගේ අක්කා බිහි කළ දරුවායි. සිද්ධිය වූ දින ප්‍රසූත වේදනාවෙන් සිටි අක්කාත් මාත් නැන්දාත් ත්‍රිරෝද රථයකින් පිඹුර රෝහලට ගෙන ආවා. අක්කා ත්‍රිරෝද රථයෙන් බැස රෝහලේ ට්‍රොලියට නගින්න හදනවිට ඇය ප්‍රසූත කර සිටි දරුවා බිම ඇද වැටුණා. පසුව රෝහල් කාර්යමණ්ඩලය අක්කාත් දරුවාත් නාගොඩ රෝහලට යැව්වා. දරුවා එහිදී මිය ගියා." යනුවෙන්.

මරණය ගැන සාක්ෂි දුන් කාන්තාවක් පැවසුවේ " මිය ගොස් ඇත්තේ මගේ මල්ලිගේ විවාහක බිරිඳ ප්‍රසූත කළ දරුවායි. මගේ මල්ලි ගාල්ල බූස්ස බන්ධනාගාරයේ වසර 8ක සිර දඬුවමක් විඳිමින් සිටිනවා. පසුගිය වසරේ සැප්තැම්බර් මස 06 වන දින ඔහු සතියක තාවකාලික නිවාඩුවක් සඳහා සිර ගෙදර සිට ගෙදර පැමිණි‍යා. ඒ ආ අවස්ථාවේ අපේ ගෙදරටත් පැමිණ ගියා. මල්ලි නිවාඩු ඉවරවී නැවත බන්ධනාගාරයට ගිය පසු ඔහුගේ බිරිඳ ඇගේ දෙමාපියන් ළඟට ගියා. ඇය ගැබ්ගෙන සිටි බවක් අප දැන සිටියේ නැහැ.

සිද්ධිය වූ දින ඇයගේ මල්ලි අපට කතා කර මේ බව කිව්වා. අප රෝහලට එනවිට දරුවා මිය ගොස් තිබුණා. ත්‍රිරෝද රියෙන් බැස ට්‍රොලියට නගිනවිට දරුවා බිම වැටුණ බව රෝහලේ ආරක්ෂක නිලධාරියා කිව්වා. මල්ලි හිරගෙදර සිට ගෙදර පැමිණ සිටි කාලයේ මේ දරුවා පිළිසිඳ ගන්නට ඇතැයි අප සිතනවා." යනුවෙන්. ඉදිරිපත් වූ සාක්ෂි සහ අධිකරණ වෛද්‍ය නිලධාරිවරුන්ගේ වාර්තා සලකා බැලූ මරණ පරීක්ෂකවරයා මේ පිළිබඳ විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad