වෛද්‍ය පාදෙණියට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 6, 2017

වෛද්‍ය පාදෙණියට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

වෛද්‍ය පාදෙණියට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
අධිකරණයට අපහාස කළා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට ලබන 22 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය විසින් ඊයේ (05) සිතාසි නිකුත් කළේය.

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (සයිටම්) ලබා දෙන වෛද්‍ය උපාධිය පිළිගෙන, එම උපාධිය ලබාගත් සිසුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය විසින් ඉකුත්දා  දුන් තීන්දුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය විසින් විචේනය කිරීම හේතුවෙන් අභියාචනාධිකරණ අධිකාරි බලය හෑල්ලුවකට ලක් කර ඇතැයි සඳහන් කරමින් ඒ පිළිබඳ විභාගයක් පවත්වා ඔහුට සුදුසු දඩුවමක් නියම කරන ලෙස  ඉල්ලා සිවිල් සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙක අභියාචනාධිකරණයට ගොනු කළ පෙත්සම ඊයේ සලකා බැලූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දුන්නේය.

පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ සහ එස්. තුරෙයිරාජා යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවිණි.
සාධාරණ සමාජයක් උදෙසා වන ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු වන මහාචාර්ය සරත් විජේසූරිය සහ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණි වියන්ගොඩ මහත්වරුන් විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා නම් කරනු ලැබ සිටිති. 

පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට කරුනු දක්වමින් කියා සිටියේ සයිටම් ආයතනයට උපාධි පිරිනැමීම සඳහා බලයක් ඇති බව ප්‍රකාශ කර තිබියදී ,ඉකුත් 07 වැනිදා කොළඹදී පැවති මහජන සම්මන්ත්‍රණයකදී වගඋත්තරකාර වෛද්‍යවරයා එම නඩු තීන්දුව විවේචනය කරමින් කරුණු දක්වා ඇති බවය. එමඟින් වගඋත්තරකාර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා අධිකරණයට බරපතල අපහාසයක් කළ බවත් ,එයින් අධිකරණය කෙරෙහි පවතින මහජන විශ්වාසය පළුදු කිරීමට කටයුතු කර ඇති බවත් පෙත්සම්කාර නීතීඥවරයා පෙන්වා දුන්නේය.

No comments:

Post a Comment

Post Bottom Ad