ප්‍රභූ ආරක්ෂකයන්ට විශේෂ පරීක්ෂණයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 6, 2017

ප්‍රභූ ආරක්ෂකයන්ට විශේෂ පරීක්ෂණයක්

ප්‍රභූ ආරක්ෂකයන්ට විශේෂ පරීක්ෂණයක්
ප්‍රභූ ආරක්ෂක අංශයේ සිටින සියලුම ‍පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විශේෂ අභ්‍යන්තර පරීක්ෂණයක් කිරීමට ‍පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. 

පොලිස් කොස්තාපල්වරයෙකු එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට වෙඩි තැබිමේ සිද්ධියත් සමග ජනාධිපති ආරක්ෂක අංශය, අගමැති ආරක්ෂක අංශය හා ඇමැති ආරක්ෂක අංශය යන අංශයන්හි සේවය කරන පොලිස් නිලධාරීන්ට මෙම පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.

ජනාධිපති ආරක්ෂක අංශය, අගමැති ආරක්ෂක අංශය හා ඇමැති ආරක්ෂක අංශයේ සිටින සියලුම ‍පොලිස් නිලධාරීන් මේ වනවිට සම්බන්ධතා පවත්වන පුද්ගලයන්, මානසික මට්ටම මෙන්ම නිවෙස්වල පවතින තත්ත්වය ඇතුළු පෞද්ගලික කරුණු රාශියක් සම්බන්ධයෙන් මෙලෙස පරික්ෂණ පැවැත්වෙන බව පොලිස් ආරංචි මාර්ග පැවසී ය.

එම වාර්තා මත ඉහත අංශයන්හි සේවය කරන නිලධාරීන් සම්බන්ධයෙන් එම ඒකකයන්හි ඉහළ නිලධාරීන් ඉදිරි පියවර ගැනීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad