ඉන්දීය කණ්ඩායමේ සිටින ප‍්‍රබල තුරුම්පු දෙකක් ගැන කෝලිගෙන් හෙළිදරව්වක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 25, 2017

ඉන්දීය කණ්ඩායමේ සිටින ප‍්‍රබල තුරුම්පු දෙකක් ගැන කෝලිගෙන් හෙළිදරව්වක්

චැම්පියන්ස් කුසලාන තරගාවලිය සදහා සහභාගී වන ඉන්දීය කණ්ඩායම අද දිනයේදී මාධ්‍ය හමුවක් පැවැත්වු අතර කණ්ඩායමේ නායක විරාත් කොලි චැම්පියන්ස් තරගාවලිය පිළිබද සිය අදහස් ප‍්‍රකාශ කලා. එහිදී ඉන්දීය කණ්ඩායමේ ප‍්‍රබල තුරුම්පු 02ක් පිළිබදව කෝලි අදහස් ප‍්‍රකාශ කලා.ඒ යුවරාජ් සිං හා මහේන්ද‍්‍ර සිං දෝනි පිළිබදවයි..

“දෝනි හා යුවරාජ් කියන්නේ තරගයේ  ඔ්නෑම විශේෂ අවස්ථාවක යොදා ගන්න පුලුවන් දෙන්නෙක්..ඒ දෙන්නට ගොඩක් අත්දැකීම් තියනවා..තරගයේ මැද පන්දුවාර ටික නිදහසේ ක‍්‍රීඩාකරන්න දෙන්න පුලුවන්නම්  තරගය ගොඩනගන්න ඔ්න කොහොමද , සහ ඉවර කරන්න ඔ්න කොහොමද කියල ඒ දෙන්න දන්නවා. එංගලන්තය සමග පසුගිය තරගාවලියේදී ඒ දෙන්න නිදහසේ ක‍්‍රීඩා කළා.. මම හිතන විදියට දෝනි ,යුවී අපේ කණ්ඩායමේ ඉන්න ප‍්‍රබලම කණු දෙකක්”



No comments:

Post a Comment

Post Bottom Ad