ඩයස්පෝරාවෙන් මුදල් ලබා ගැනීම සදහා සිවාජලිංගම් ත්‍රිවිධ හමුදාවට චෝදනා කරමින් නාඩගම් නටමින් සිටින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන පවසයි.අරනායක සාමසර කන්ද නාය යාමෙන් අවතැන් වූ ජනතාවට සෙනෙහෙ සියපත වෙතින් නිවාස ලබාදීමේ උත්සවයට සහභාගීවෙමින් වසන්තගමදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළා.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන ,
“උතුරේ ඇතැම් දේශපාලනඥයින් විටින් විට අපේ හමුදාව විවේචනය කරනවා. නමුත් පීඩාවක් සිදුවන සෑම අවස්ථාවකදීම පිහිටට එන්නේ ත්‍රිවිධ හමුදාවයි.සිවාජිලිංගම් හතර පස් දෙනෙක් වට කරගෙන පහන් පත්තු කර කර අපේ හමුදාව විවේචනය කිරීම ගැන අප කනගාටු වෙනවා. නමුත් එතුමාට මතක් කරන්න ඕනෑ ඔහුට නාඩගම් නටන්න පුළුවන් වුණේ ත්‍රිවිධ හමුදාව දිනාගත් නිදහස් නිසායි…..ඩයස්පෝරාවේ සල්ලි ගන්න තමයි ඔහු එහෙම නාඩගම් නටන්නේ.දැන් මොන නාඩගම නැටුවත් කමක්. නෑ ඉදිරියේදිත් එහෙම නටන්න ආවොත් ඒ නටන තාලේ අපි පෙන්නලා දෙන්නම්.”
යුද්ධයේදී සාමාන්‍ය වැසියන් ලක්ෂයකට වැඩි පිරිසක් මිය ගිය බවත් ඒ සදහා විදෙස් පරීක්ෂණයක් අවශ්‍ය බව උතුරු පළාත් සභා මන්ත්‍රි සිවාජලිංගම් පවසයි.ඔහු මේ බව සදහන් කලේ යුධ සමයේදී මිය ගිය සාමාන්‍ය වැසියන් සිහි කිරීමේ ජන සංහාර සතිය ආරම්භ කරමින්. සිවාජලිංගම් මන්ත්‍රිවරයාගේ මේ ක්‍රියාකලාපය රුවන් විජයවර්ධනගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වූවා.
Monday, May 15, 2017
Home
දේශපාලන පුවත්
“දැන් මොන නාඩගම නැටුවත් කමක්. නෑ ඉදිරියේදිත් එහෙම නටන්න ආවොත් ඒ නටන තාලේ අපි පෙන්නලා දෙන්නම්.” – රුවන් විජයවර්ධන
“දැන් මොන නාඩගම නැටුවත් කමක්. නෑ ඉදිරියේදිත් එහෙම නටන්න ආවොත් ඒ නටන තාලේ අපි පෙන්නලා දෙන්නම්.” – රුවන් විජයවර්ධන
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment