තමා උගන්වන ලබන පාසලේම 15 හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කර ගැබිනියක් බවට පත් කළ බව කියන ගුරුවරයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කළුතර වැඩබලන මහේස්ත්‍රාත්වරයා තීරණය කර තිබේ.
මෙම සැකකාර ගුරුවරයා මෙම ශිෂ්‍යාව සමඟ වසර 02ක කාලයක් ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇතැයි අධිකරණයේ දී අනාවරණය වී ඇති අතර හෙතෙම තිදරු පියෙක් බවද වාර්තා විය. ඔහු ඇයව සිය මෝටර් රථයේ හා යතුරු පැදියේ නංවාගෙන හෝටල් කාමර වෙත රැගෙන ගොස් ඇති බව අනාවරණය වී ඇති අතර පසුගිය මාර්තු 30 වන දා ඔහු දැරියට පවසා ඇත්තේ පාසල නිමවූ පසු පාට ඇඳුමකින් සැරසී පැමිණෙන ලෙසය.
එසේ කළුතර නගරයට පැමිණි පසු ගුරුවරයා, දැරියව මෝටර් රථයේ නංවාගෙන ඔහුගේ නිවාස වෙත ගෙනගොස් ඇති අතර එවිට නිවසේ සිට ඇත්තේ ඔහුගේ දරුවන් තිදෙනා පමණක් බවද දැරිය පොලිසිය හමුවේ පවසා තිබේ. එසේම මෙම ගුරුවරයාගේ දරුවන් අතර දැරියට ආසන්න වයසේ දරුවකු සිටින බවට ද අනාවරණය වී ඇතැයි සඳහන්ය. එදින එම දරුවන් උඩු මහලට යැවූ ගුරුවරයා සිය සිසුවිය සමඟ අඹු සැමියන් ලෙස හැසිරුණු බවද ඇය පොලිසියට සඳහන් කර ඇති අතර පසු දිනක දැරිය ගුරුවරයාට පවසා ඇත්තේ තම ශරීරයේ වෙනසක් දැනෙන බවය.
පසුව ඉකුත් මැයි මස 06 වනදා ඔහු සිය බිරිඳ සමග පැමිණ කුප්පියකට සිය මුත්‍රා සාම්පලයක් රැගෙන ගිය බව දැරිය පැවසූ බවද පොලිසිය අධිකරණයට කියා ඇති බව සඳහන් වන අතර ඒ අනුව තමා ගැබ් ගෙන ඇතැයි ඉන් දැනගත් බව ඇය පොලිසිය හමුවේ පවසා තිබේ.
Monday, May 15, 2017
ගුරු – සිසු ප්‍රේමය අවසානයේ නතවූ හැටී.. බිරියත් හවුල් වෙයි..
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment