රාමාදාන් උපවාස වතාවත් කඩ කරන පුද්ගලයන්ට මාස තුනක සිර දඬුවමක් නියම කිරීමට පකිස්ථාන් බලධාරීන් ඉදිරිපත් කරන සැලසුම්කරලා තියනවා. එරට බලවත් දේශපාලන පවුලක ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් විසින් ප්‍රසිද්ධියේ දෝෂ දර්ශනයට ලක් කරනවා.
රාමදාන් වතාවත් කඩ කරන පුද්ගලයන්ට මාස තුනක සිර දඬුවමක් පැනවිය හැකි මට්ටමින් දැනට බලපැවැත්වෙන නීතිය සංශෝදනය කිරීමේ යෝජනාවක් පකිස්ථාන් සෙනේට් සභාවේ ආගමික කටයුතු භාර කමිටුව පසුගිය සතියේ අනුමත කරනු ලැබුවා. හිටපු අගමැතිනි බෙනාසීර් බුට්ටෝගේ වැඩිමහල් දියණිය වන බක්තාවාර් බුට්ටෝ ශර්දාරි (Bakhtawar Bhutto-Zardari )එම ප්‍රයත්නය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් එවැනි සිර දඬුවමක් පැනවීමේ යෝජනාව "විහිළුවක්" හැටියට විග්‍රහ කරලා තියනවා.
ළමුන්,වැඩිහිටියන් සහ රෝගීන් රාමදාන් සමය තුළ "වතුර ටිකක් බීමේ වරදට" සිරගත කළ යුතුදැයි බක්තාවාර් බුට්ටෝ සිය twitter පණිවුඩයක් මගින් ප්‍රශ්න කරයි. සෙනේට් සභා ආගමික කමිටුවේ අනුමැතිය ලද ව්‍යවස්ථා සංශෝධනය නීතිගත වීමට නම් එය පාර්ලිමේන්තුව තුළ වැඩි ඡන්දයෙන් සම්මත විය යුතුයි. විශ්ලේෂකයන්ගේ අදහස නම් එය සම්මත වනු ඇති බවයි.
Monday, May 15, 2017
වතුර ටිකක් බීමේ වරදට සිරගත වීම සාධාරණ ද?
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment