එංගලන්තයේ හා වේල්සයේදි ජුනි 01 වැනිදා සිට ජුනි මස 18 වැනිදා දක්වා පැවැත්වෙන අයි.සී.සී ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහකයන් වෙනුවෙන් රුපියල් කෝටි 33.8ක ත්‍යාග මුදලක් පිරිනැමීමට තරග සංවිධාකයන් කටයුතු කර තිබේ.
එ අනුව 2013 වසරේ තරගාවලිය හා සසඳා බැලීමේදී මෙවර තරගාවලියේ ලබාදෙන ත්‍යාග මුදල් ප්‍රමාණය ඩොලර් ලක්ෂ 5කින් වැඩි කර ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරයි. සමස්ත තරගාවලිය පුරා ලබාදීමට නියමිත ත්‍යාග මුදල ඩොලර් මිලියන 4.5 ක් වේ. තරගාවලියේ අනුශූරයන් වෙනුවෙන් රුපියල් කෝටි 16.9ක මුදලක්ද ලබාදීමට නියමිතය.
එසේම තරගාවලියේ අවසන් පූර්ව වටයට පැමිණෙන කණ්ඩායමක් වෙනුවෙන් ලබාදෙන ත්‍යාග මුදල රුපියල් කෝටි 6.93කි. සිය කාණ්ඩායන්හි තෙවැනි ස්ථානයට පත්වන කණ්ඩායමට ඩොලර් 90000ක ත්‍යාග මුදලක් හා අවසන් ස්ථානයට පත්වන කණ්ඩායමට ඩොලර් 60,000 ක ත්‍යාග මුදලක් හිමිවීමට නියමිතය.
Monday, May 15, 2017
ශූරයන්ගේ කුසලාන ජයග්‍රාහකයන්ට රුපියල් කෝටි 33.8 ක්..
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment