2017 අයිපීඑල් තරගාවලියේ වැඩ පෙන්වු ක‍්‍රීඩකයෝ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 23, 2017

2017 අයිපීඑල් තරගාවලියේ වැඩ පෙන්වු ක‍්‍රීඩකයෝ

දහවැනි වරටත් පැවැති අයි. පී. එල් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ලසිත් මාලිංග ක්‍රිඩා කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අයි. පී. එල් තරගාවලියේ ශූරතාවය දිනාගත් තෙවැනි අවස්ථාව මෙයයි .

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු වන මහේල ජයවර්ධනයි.මෙය මහේලගේ පළමු අයිපීඑල් තරගාවලියයි..සිය පළමු තරගාවලියෙන්ම තමන්ගේ තරම පෙන්වු මහේල තරගාවලියේ ආරම්භයේ සිටම ඉතාමත් සාර්ථක ලෙස කණ්ඩායම ශූරතාවය දක්වා රැගෙන ඒමට සමත් වුනා.

රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව හයිද්‍රාබාද්හිදී  පැවැති අවසන් මහ තරගයේදී ලකුණක තියුණු ජයක් අත්කර ගනිමින් මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩකයෝ මෙවර ශූරතාවට හිමිකම් කීහ.මෙවර තරගාවලියේ මූලික වටයේදී මුණගැසුණ අවස්ථා දෙකේදී මෙන්ම අවසන් වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා පැවැති පළමු තරගයේදීද පූනේ කණ්ඩායම හමුවේ පරාජයට පත්වූ මුම්බායි කණ්ඩායම, අවසන් මහ තරගය ජයගත්තේ පිට පිටම තෙවරක් පූනේ කණ්ඩායම හමුවේ ලබා සිටි පරාජයන්ට තිත තබමිනි.

මින් පෙර 2013 සහ 2015 යන වසරවලදීද මුම්බායි කණ්ඩායම අයි. පී. එල් ශූරතාවට දිනාගෙන ඇති අතර 2013 වසරේදී සචින් තෙන්ඩුල්කාර් විසින්ද, 2015 වසරේදී සහ මේ වසරේදී (2017) රෝහිත් ශර්මා විසින්ද මුම්බායි කණ්ඩායම මෙහෙයවනු ලැබීය.

තරගාවලයේ සුවිශේෂී සම්මාන

වටිනාම ක්‍රීඩකයා – බෙන් ස්ටෝක්ස් (රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායම)

වැඩිම ලකුණු (තැඹිලි පැහැති හිස්වැස්ම) – ඩේවිඩ් වෝනර් (සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම) – ලකුණු 641

වැඩිම කඩුලු (දම් පැහැති හිස්වැස්ම) – බුවනේශ්වර් කුමාර් (සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම) – කඩුලු 26

වැඩිම හයේ පහර – ග්ලේන් මැක්ස්වෙල් (කිංස් XI පංජාබ් කණ්ඩායම) – හයේ පහර 26

වේගවත්ම අර්ධ ශතකය – සුනිල් නරෙයින් (කොල්කටා නයිට් රයිඞ්ස් කණ්ඩායම) – පන්දු 15

හොඳම පහර – යුවරාජ් සිං (සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම)

හොඳම උඩපන්දුව – සුරේෂ් රයිනා (ගුජරාට් ලයන්ස්කණ්ඩායම)

විනයානුකූලම කණ්ඩායම – ගුජරාට් ලයන්ස් කණ්ඩායම

නැගී එන ක්‍රීඩකයා – බාසිල් තම්පි (ගුජරාට් ලයන්ස්කණ්ඩායම)

No comments:

Post a Comment

Post Bottom Ad