GMOA වැඩ දේශපාලන න්‍යාය පත්‍රයකට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 11, 2017

GMOA වැඩ දේශපාලන න්‍යාය පත්‍රයකට

GMOA වැඩ දේශපාලන න්‍යාය පත්‍රයකට

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව ක්‍රියාත්මක වන වෘත්තීය සමිතියක් බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

සයිටම් ආයතන සම්බන්ධයෙන් ගැටළුවට මැදිහත්වීමට එම සංගමයට කිසිඳු අයිතියක් නොමැති බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් බලය පවතින්නේ විශ්වවිද්‍යාලවට හා විශ්ව විද්‍යාල සභාවට බවත්ප සයිටම් ආයතනය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව මෙරට වෛද්‍ය සභාව සමග සාකච්ඡා කර ඉදිරියේදී විසදා ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

හාරිස්පත්තුව ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා මේ බව පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad