තායිලන්ත ජාතිකයෙකු විසින් සිය කුඩා දියණිය ඝාතනය කරන අයුරු Facebook Live ඔස්සේ රූගත කිරීමේ සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, තම කුඩා දියණිය ඝාතනය කොට අදාළ පුද්ගලයා ද සිය දිවි හානි කර ගෙන ඇති බව ය. සිය බිරිඳ සමග ඇති වූ ආරවුලකින් අනතුරුව අදාළ පුද්ගලයා අවුරුදු 21ක් වයසැති සිය දියණිය හෝටලයක් තුළදී එල්ලා ඝාතනය කර තිබේ.
පසුගිය සඳුදා (24/04/2017) ෆුකට් ප්‍රදේශයේ පාළු හෝටලයකදී මෙම ඝාතනය සිදුව තිබේ. මෙම සිද්ධියට මුහුණ දුන් පවුලේ සාමාජිකයින් වෙත ෆේස්බුක් ආයතනය සිය ශෝකය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අතර අදාළ සිදුවීමේ දර්ශන ෆේස්බුක් තුළින් මේ වන විට ඉවත් කර ඇති බව ද ෆේස්බුක් ආයතනය එම පවුලේ සාමාජිකයින් වෙත දන්වා තිබේ.
Wednesday, April 26, 2017

දියණිය මරා Facebook Live දුන්න පියාත් දිවිනසාගනී
Tags
# එතෙර පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment