නාට්ටාමිවරුන් කුණු එකතුකරන්නන් සමග එක්වී ජාතික හෙළ උරුමයෙන් මුල්වරට මැයි රැළියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 28, 2017

නාට්ටාමිවරුන් කුණු එකතුකරන්නන් සමග එක්වී ජාතික හෙළ උරුමයෙන් මුල්වරට මැයි රැළියක්

දාඩිය මහන්සිය වපුරන වැඩකරන ජනතාව වෙනුවෙන්, ඔවුන්ගේ අයිතීන් සුරැකීම  මෙන් ම විශේෂයෙන් කොළඔ පිට කොටුව ආශ්‍රිතව වැඩකරන නාට්ටාමි ජනතාව හා කැලි කසල සමග දෛනිකව ගැටෙන කම්කරුවන් සමග එකට අත්වැල් බැද ජාතික හෙළ උරුමය සංවිධානය කරන මැයි රැළිය මෙවර පිටකොටුව
දුම්රිය ස්ථානයෙන් ආරම්භ කරන බව

මහා නගර සභා හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි. 

අමාත්‍යවරයා  මේ බව සදහන් කර  සිටියේ, ඊයේ (27) දා ජාතික හෙළ උරුමය මගින් පවත්වන මැයි  රැලිය සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීම හෙළ උරුමය පක්ෂ මුලස්ථානයේදී  පැවැත්වූ  අවස්ථාවට  සහභාගී වෙමිනි.
මැයි පළමුවනදා ලෝකයේ  අනෙකුත් රටවල් හා සමගාමිව දාඩිය වගුරන, අව්වට වෑස්සට හුරු මිනිසුන් සමග ඔවුන්ගේ අයිතීන් සුරැකීමට අප ඔවුන් සමග එකතු වීමට  බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 

පිටකොටුව ප්‍රදේශයේ කාටත් නෙත නොගැටෙන නාට්ටාමි ජනතාව හා  කසල ශෝධනයේ යෙදෙන ජනතාව සමග එකට එක්ව මෙම මැයි රැලිය පැවැත්වීමට බලාපොරොත්තුවන බවත් ඔවුන්ට නිසි තැන ලබාදීමට ක්‍රියා කරන බවත් අමාත්‍යවරයා සදහන් කළ අතර නාට්ටාමිවරුන් 1500කට ජිවිත ජිවිත රක්ෂනාවරණයක් ලබා දෙන්නටද නියමිතය.

මෙම අවස්ථාවට ජාතික  හෙළ උරුමයේ සම සභාපති  පුජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් සහ නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන  මහතා ද   එක්ව සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad