මම අයියා එක්ක යද්දී එයා ලගට ගොඩක් ගැහැණු ළමයි ඇවිත් කතා කරනවා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 28, 2017

මම අයියා එක්ක යද්දී එයා ලගට ගොඩක් ගැහැණු ළමයි ඇවිත් කතා කරනවා

ඇය ලස්සනයි. වැඩිපුර වෙළෙඳ දැන්වීම් වල පෙනී ඉන්න නිසා ඇයව බොහෝ දෙනෙක් හඳුනනවා. NSBM අවුරුදු කුමරිය විදිහට අභිෂේක ලබන්න ඇයට පුළුවන් වුණ නිසා ඇගේ රූපය ගැන කවුරුත් කතා කරනවා. ඇය ගැන මේ දවස්වල වැඩිපුර කතා කරන්න තවත් හේතුවක් තියනවා. ඒ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වුණු පුබුදු චතුරංගගේ පෙම්වතිය නිසයි.


ඇය නමින් හිමාෂා සිරිවර්ධන මේ ඇය සමග කළ කතාබහයි...

හිමාෂා වෙළෙද දැන්වීම් වලින් ජනප්‍රිය වුණාටත් වඩා ITN අවුරුදු කුමරිය විදිහට අභිෂේක ලැබූ මොහොතේ බොහෝ දෙනෙක් ඔබ ගැන කතා කළා එහෙම නේද . ..?

අවුරුදු කුමරිය තරගයට මම සම්බන්ධ වෙන්න නෙමෙයි හිටියේ. මගේ යාලුවෝ දෙන්නා තමයි මට යොමු වෙන්න අයදුම්පත් දාලා තිබුණේ. ලස්සන ගැහැණු ළමයි ගොඩක් හිටපු නිසා මම හිතුවේ නැහැ මට අවස්ථාවක් ලැඛෙයි කියලා. ප්‍රශ්න විචාරාත්මක වටයකුත් තිබුණා. නමුත් මම ඊට හොදින් මුහුණ දුන්න නිසා මට අවුරුදු කුමරිය වෙන්න ලැබුණා. හොද ප්‍රතිචාර තියනවා. සතුටුයි ඒ ගැන.

ඔබ ඔය තරම් කතා බහ වෙන චරිතයක් වෙලත් ඇයි ටෙලි නාට්‍ය වලින් දකින්න නැත්තේ…?

මම ටෙලි නාට්‍ය වල රඟපාන්න කැමති නැහැ. ඉගෙන ගන්න වැඩ අතපසු කරන්න මගේ කැමැත්තක් නැහැ. ටෙලි නාට්‍ය,රූප රචනා වගේම චිත්‍රපටි වලටත් ආරාධනා ලැඛෙනවා. නමුත් මම තවම ඒ ගැන හිතලා නැහැ. හොද චිත්‍රපටියකට නම් සම්බන්ධ වෙන්න අදහසක් තියනවා බලමු.

ඔඛෙත් පුබුදුගේත් ආදර කතාව බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට කලා ක්ෂේත්‍රයේ අය ඒ ගැන දන්නවා. දෙන්නාට එකට රඟපාන්න ඇරයුම් ලැබිලා නැද්ද..?

තවම නම් ඒ විදිහට ආරාධනා ලැබුණේ නැහැ . පුබුදු අයියා නිසා මට ආරාධනා ලැබිලා තියනවා ඒත් ඔහුත් එක්ක එකට රඟපාන්න නෙමෙයි.

සැබෑ ජිවිතේ පෙම්වතුන් වුණ ඔබ දෙදෙනාට නිර්මාණයකට පෙම්වතුන් වෙන්න අවස්ථාවක් ලැබුණොත්…?

ආසයි අයියා එක්ක රඟපාන්න. ඒත් එයාගේ දක්ෂතා එක්ක මගේ රඟපෑම් හරියන්නේ නැහැ කියලා මට හිතෙනවා. අයියත් කැමතියි මගෙත් එක්ක රඟපාන්න.

පාසලේ ලස්සනම යුවතියට කිරුළු පළදින්න වාසනාව ලැබුණු ඔබට ඒ කිරුළ හිස පැළදුවෙත් පුබුදු ඒ ගැනත් කියමු ?

මම පාසලෙන් ඉවත් වුණ වර්ෂයට පසු වර්ෂයේ පාසලේ තිබුණා උත්සවයක් ඒකට ආරාධිත අමුත්තා විදිහට ආවේ පුබුදු අයියා. මගේ හිසට කිරුළු පැළදුවේ පුබුදු අයියා. එදා පාසලේ ගොඩක් අය එයත් එක්ක ඉඳලා ෆොටෝස් ගත්තා. මට ගන්න පුළුවන් වුණේ එක ෆොටෝ එකයි. කොහොම හරි එදා ඒ සිද්ධිය ඉවර වුණා. නමුත් අපි යාළුවෝ වගේ කතා බහ කළා.

හිමාෂි පුබුදුගේ පෙම්වතිය වුණෙත් අහම්බයකින් නේද…?

ඔව්. අපේ යාළුකම ගොඩක් දුරදිග ගියා. එයා අපේ ගෙදර ආවා. අපේ ගෙදර හැමෝටම එයා ගොඩක් ආදරෙයි. අපි දෙන්නා හදුනාගෙන දැන් අවුරුදු පහක් වෙනවා. දවසක් පුබුදු අයියා අපේ අම්මාට එයාගේ අදහස කියලා තිබුණා. අපේ ගෙදරින් අකමැත්තක් නැහැ. එයා එයාගේ දෙමාපියන්ටත් කිව්වා. ඒ දෙමාපියන් පවා කැමති වුණා. නමුත් අයියා මගෙන් ඇහුවේ ඊට පස්සේ. දවසක් එයාගේ යාළුවෝ ටිකක් එක්ක මමත් මගේ ගෙදර අයත් පුබුදු අයියත් කළුතර බෝධියට ගියා. අයියා බෝධිය ළඟදි තමයි මට ආදරෙයි කියලා කිව්වේ. ලස්සන වචන ටිකකින්. මම මලක් පුජා කරන ගමන් හිටියේ. මම හිටපු ඉරියව්වෙන්ම හිටියා පුදුම වෙලා වගේ. එයා කිව්වා ර්‍ණකවදා හරි අපි දෙන්නා බැදලා මේ බෝධිය ළගටම එන්න ලැඛෙන්න කියලා එයා ප්‍රර්ථනා කරනවා ර්‍ණකියලා. මම මොකුත් නොකියාම එතැනින් ගියා. එදා දවස ඉවර වුණාට පස්සේ මගේ කැමැත්තත් එයාට කිව්වා. ටික දවසකට පස්සේ. ඒ විදිහට තමයි අපේ ආදරේ පටන් ගත්තේ.

ජනප්‍රිය නළුවෙක් නිසාද පෙම්වතා විදිහට ඔහුව තෝරා ගත්තේ ?

කොහෙත්ම නැහැ. සමහර අය එහෙම හිතනවා ඇති. නමුත් මම එයාට ආදරේ කළේ එයා ලග තියන ගතිගුණ වලට. ඒ මනුස්සකම හරිම විශිෂ්ටයි. නළුවෙක්ට එහා ගිය මනුස්සකමක් එයාට තියෙන්නේ .එයාගේ ජොබ් එක විතරයි නළුකම කියන්නේ. මට එයා මගේ පෙම්වතා. එයා වගේම මම ප්‍රර්ථනා කරන්නෙත් අපි විවාහ වෙලා සතුටින් ලස්සන පවුල් ජිවිතයක් ගත කරන්නයි.

බොහෝ අය මත පළකරලා තිබුණා ඔඛෙත් ඔහුගේත් වයස් පරතරය ගැනත් ?

කවුරු මොන දේ කිව්වත් මම මගේ ජිවිතේ හොඳම තීරණය ගත්තා. මගේ දෙමාපියන්ගේ වයස් පරතරය අවුරුදු හතකින් වැඩියි. පුබුදු අයියාගේ දෙමාපියන්ගේ වයස් පරතරය දහතුනක් වැඩියි. නමුත් ඒ අය සතුටින් ලස්සනට ජිවත් වෙනවා. ඒ බැදීම තුළ ආදරේ, ආරක්ෂාව, විශ්වාසය තේරුම් ගැනීම තියනවා. මට ඕනත් ඒ වගේ බැදීමක්.

දෙන්නට මගතෙටේදී ලැඛෙන ප්‍රතිචාර කොහොමද ?

මම අයියා එක්ක යද්දී එයා ලගට ගොඩක් ගැහැණු ළමයි ඇවිත් කතා කරනවා. මම ඒ වෙලාවට පැත්තකට වෙලා ඉන්නවා. සමහර වෙලාවට මම එයත් එක්ක යන්නේ ටිකක් ඈතින්.

ගැහැණු ළමයින්ගේ ප්‍රතිචාර එයාට ලැඛෙද්දී ඔබට ඊර්ශියාවක් හිතිලා නැද්ද ?

අනේ නැහැ. මම ඒ ගැන සතුටු වෙනවා.

ඔබට ඔහුගෙන් රංගනයට තහනම් තහංචි වැටිලද ?

නැහැ. නමුත් මට ඕන හොද නිර්මාණයකට සම්බන්ධ වෙන්න.

විවාහය කවදද වෙන්නේ ?

තවම ඒ ගැන හිතලා නැහැ. මගේ අධ්‍යාපන වැඩ අවසන් වුණාට පස්සේ විවාහ වෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad